Monday 4 May 2015

වෙසක් දවසේ හොඳ බණ පදයක් දෙකක් ඇසුවෙමි - How to be a practicing Buddhist


මා සාමාන්‍යයෙන් පන්සලට යන්නේ අවුරුද්දට ම දවස් දෙකක් හෝ තුනකි. ඉන් එකක් පන්සලේ කඨින පින්කම දවසට අනිත් පන්සලේ හාමුදුරුවන්ට මේ පන්සලට වැඩැම්මවීමේ කර්තව්‍යය සඳහා ය. අනිත් එක් දිනයක් නම්, වෙසක් පෝය සැමරෙන ඉරිදා දවසයි.

වෙසක් පෝය සැමරෙන දවසට පන්සලට යෑම කාලයක් තිස්සේ අනිවාර්යෙන්ම කෙරුණේ, එදාට සිල් සමාදන්වන අය සහ පන්සලට එන සැදැහවතුන් සඳහා දිවා ආහාරයේ කොටසක් ලෙස පලතුරු සලාදයක් සෑදීම අපේ සිංහල පාසලේ දෙමව්පියන් විසින් කරගෙන ආ නිසා ය.

නමුත් දැන් මගේ පුතා සිංහල පාසලට යෑම නතර වී ඇති නිසා, ඒ පලතුරු දන්සලට සම්මාදම් වීම මගෙන් ගිලිහී ගොස් ඇත.

එ නිසාම, වෙසක් පෝය සැමරෙන දවසේ අනිවාර්යෙන් කළ පන්සල් යාම ද නැවතී ඇත.

ඊයේ වෙසක් පෝය දවසේ ද සිදුවුනේ එයයි.

මෙහි ඇති අභාග්‍ය සම්පන්න තත්වය නම්, වෙසක් පෝය කවදාක තිබුණා වුවද, සිනුවර අපේ පන්සල්වල වෙසක් පෝය සැමරෙන්නේ සෑම විටම ඉරිදා නිවාඩු දවසේ නිසා, මෙවර හරියටම වෙසක් පෝය ද ඉරිදාම යෙදී තිබුුණු දිනයේ ද, පන්සල් යෑම මග හැරී යාමයි.

ඒ කෙසේ වෙතත්, අද ගෙදරට වී නිවාඩු පාඩුවෙන් සිටි කාලයේ දෙවරක් ම යූ ටියුබය හරහා ධර්ම ශ්‍රවණය කිරීමට ඉඩ ලැබුණි. එයට හේතු වූයේ වෙසක් පෝ දිනයේ මගේ සිතේ පහල වූ ධම්ම සවන කාලෝ වර්ගයේ නුහුරු සර්ධාවක් නම් නොවේ. මෙය ෆේස්බුක් අවකාශයේ සැරිසරන විට නෙත ගැටුණු සබැඳි ඔස්සේ යෑමේ දී සිදුවුණු අහඹු සිදුවීම් ලෙස සැලකුව මනාය.

එක් බණක් දේශනා කලේ පර්ත් නගරවාසී බ්‍රහ්මවංශ හාමුදුරුවන් ය. එහි අගනා ඔවදන් රාශියක් ම තිබුණු බව කිව යුතුය.

https://youtu.be/GOPcbFhCEj0

එයින් මා සිත් ගත් එක් කතාවක් මෙසේය.

බ්‍රහ්මවංශ හාමුදුරුවන් ගිහි කල ගුරුවරයෙකු සේ වසරක පමණ කාලයක් සේවය කර ඇත. දිනක් වසරාවසානයේ පන්තියේ සිසුන් ගේ ප්‍රගති වාර්තා බෙදන මොහොතේ ඔහු නිරීක්‍ෂණය කර ඇත්තේ, පන්තියෙන් ලකුණු මට්ටමින් අන්තිමයා, තමන්ගේ වාර්තාව දැක ඉතා දුකෙන් සිටින බවයි.

එවකටත් බෞද්ධයෙකු ලෙස ජීවිතය ගෙවමින් සිටි ගිහි බ්‍රහ්මවංශ, ඒ සිසුවා සැනසීමට කියා ඇත්තේ මෙයයි.

"ස්වේච්ඡාවෙන් නොවුණද, ඔබ පන්තියේ තිස්වෙනියා වීමෙන් කර ඇත්තේ අනිත් සිසුන් විසි නම දෙනා, ඒ දුකෙන් මුදවා ගැනීමයි. මෙය ඇත්තටම බුද්ධත්වයට පත්වීමට පෙරුම් පුරණ බෝධිසත්වයෙකු කරන්නා වූ දෙයක්. එනිසා, දුක් නොවී සතුටු වෙන්න!"

සිසුවා ගේ දුක්මුසු මුහුණ ක්‍ෂණයකින් සිනාවෙන් පිරී ගියේ ලු!

බ්‍රහ්මවංශ හාමුදුරුවන් ගේ ඒ දේශනාව ඇසුවේ ඊයේ දිවා කාලයේ ය.

සවස් යාමය වන විට අද පන්සලේ වෙසක් සිරි නරඹන්නට යන්නට නොවෙන බව පෙනුණු නිසා පැය තුනක් පමණ කාලයක් සිත් සේ නිදා ගත්තෙමි.

රාත්‍රී ආහාරයෙන් පසු, ෆේස්බුක් අවකාශයේ දී ලැබුණු ඔත්තුවක් හරහා යමින්, බෞද්ධ භික්‍ෂුවක් විසින් කරනු ලැබූ තවත් එවැනි ම අගනා ධර්ම දේශනාවක් නැරඹීමට මට අවස්ථාව ලැබුණි. මෙහි මාතෘකාව වූයේ බුද්ධ ධර්මය වත්මන් සමාජ ප්‍රගමනය සඳහා ප්‍රායෝගිකව යොදාගන්නේ කෙලෙසද යන්නයි.

කරුණක් දෙකක් හැර, සමස්තයක් ලෙස ඒ වීඩීයෝව ම මා සිත් ගත් නිසා, එය ඔබ හා මෙලෙස බෙදා ගැනීමට සිතුවෙමි.

දේශකයා: පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද



සිත් පහන් වේවා!

-රසිකොලොජිසිට්

39 comments:

  1. රසික,
    බොහොම වටිනවා මේ වීඩියෝ එකෙන් දෙන පණිවිඩේ.

    මේ රටේ කීදෙනෙක් ඕක පිළිගනියිද කියන්න සැකය තමයි මට නම් අන්තිමේදී දැනුනේ.

    දේශපාලන නායකයෝ විතරක් නෙමේ , ආගමික නායකයොත් මේ රට ඇතුලේ කොච්චර වෛරයක් වපුරලා තියෙනවද?

    --
    මේ වගේ දෙයක් බෙදා හදා ගැනීම ගැන බොහොම ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. වැපුරු දේවල්වල මෙලොව අස්වැන්න අපි හැමෝටම බෙදා හදා ගන්න වෙන එකනේ වැඩේ?
      පරලොව ඒවා නම් ඒ ඒ ඇත්තෝ බුක්ති විඳියි!

      Delete
  2. අර උඩ පින්තූරේ ඉන්නේ පරකන්දෙනියේ ධම්මරසික හාමුදුරුවෝ නේද?

    ReplyDelete
    Replies
    1. උන්නාන්සේ නේන්නම්, බලන්නකෝ පිං පාට, නේද?

      Delete
    2. ඇයි එයා මල්ටි කලර් ද නැතිනම් ඉස්මන්ට් කලර්ද

      Delete
    3. අබුද්දස්ස කාලෙ... මහණ වෙලා ඉන්න කාලෙ කොණ්ඩෙ හොඳට තියනව, සිවුරු ඇරියහම නෑ!

      Delete
    4. හි හි

      Delete
    5. තට්ටේ ගාන්න කලින් ද? හි හි..

      Delete
  3. මම නම් මේ හාමුදුරුවන්ගේ දේශනා අහලා නෑ.. හැබැයි මේ ලඟදි මෙහෙත් එකක් තිබ්බා.... ඒකෙදි කරපු විහිලුවක් මෙහෙමයි...

    ඔය අඹුසැමියන්ගේ පොඩි පොඩි නොරොක් වීම මග ඇරගන්න, කිව්වලු පොඩි විසඳුමක්. දිනය ඔත්තේ දිනයක් නම් බිරිඳ හරි... ඉරට්ටේ දිනයක් නම් සැමියා හරි. ඊට පස්සෙ සැමියන්ට කිව්වලු අවුරුද්දකට ඔත්තේ දින වැඩියි කියලත් පොඩ්ඩක් මතක තියාගන්න කියලා...

    ReplyDelete
    Replies
    1. මගේ තියරිය නම් මේකයි.

      හැම දේකම දෙපැත්තක් තියෙනවා.

      එකක් බිරිඳ ගේ පැත්ත, අනික වැරදි පැත්ත.

      මම හැඟ විටම කරන්නේ නිවැරදි දෙයයි!

      Delete
  4. හොද හාමුදුරුවරු ඉන්නව. ඒත් බහුතරය කරන අනවශ්‍ය වැඩ නිසා ඒ අයටත් වෙන්නෙ අවමානයක්.බ්‍රහ්මවංශ හිමියන්ගෙ පොත් මාත් කියවල තියනව. හාමුදුරුකෙනෙකුගෙ ප්‍රධානම අරමුණ ධර්මය අවබෝධකරගැනීමත් එය අනුන්ට දේශනා කිරීමත් විතරයි . රට ජාතිය රැකීමවත් , සුබ සාධන වැඩවත් , විප්ලව කිරීමත් නොවෙයි.

    බෞද්ධයන් මේ වගෙ හාමුදුරුවරු තෝරාබේරාගෙන ඇසුරු කරනවනම් නිකම්ම නරක අය ප්‍රතික්ශේප වෙනව

    ReplyDelete
    Replies
    1. දහම් දෙසීමයි, ධරමයේ හැසිරීමයි කෙතරම් වැදගත් වුනත්, පන්සල් පවත්වාගෙන යාම තමයි වත්මන් බුද්ධාගමේ මූලික අරමුණ. ඒ සඳහා කළ යුතු දේට මූල් තැන දෙනවා කියන්නේ දේශපාලනය කරනවා කියන එකයි.

      අසරණයන්ට පිහිට වීඟ කියන එක නම් හාමුදුරුවරුන් අති බහුතරයට නුහුරු නුපුරුදු දෙයක්. අකැප ද මන්දා?

      Delete
  5. වෙසක් පෝය දිනය කාටවත් වෙනස් කරන්න බැහැ නේද? එය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පවා පිළිගත් ආගමික දිනයක්. එය ඉරිදා දිනයකට දමනවානම්;

    1. එක්කෝ ඕස්ට්‍රේලියානු රජය, මේ වීඩියෝවේ හාමුදුරුවෝ කියන ආකාරයට, සුදු ජාතිකයන් කළු ජාතීන්ගේ අයිතිවාසිකම් උදුරාගත්තාක් මෙන්, ඕස්ට්‍රේලියාවේ ඉන්න බෞද්ධයන්ගේ ආගම ඇදහීමේ අයිතිය උදුරාගෙන තිබෙනවා.

    2. එහෙමත් නැත්නම්, ඕස්ට්‍රේලියානු බෞද්ධයන් හිතනවා වෙසක් පෝය යනු තම අභිමතය පරිදි වෙනස් කළ හැකි දිනයක් කියා.

    තම රාජකාරිය සියල්ලට වඩා ප්‍රමුඛ වුනත්, මෙවැනි දිනයක් වෙනුවෙන් වරුවක්වත් වැය කළ නොහැකිනම්, ඒ බෞද්ධකම කුමක්ද?

    ReplyDelete
    Replies
    1. This is the term I have used:

      Quote වෙසක් පෝය සැමරෙන ඉරිදා දවස Unquote

      Delete
    2. වැදගත් ප්‍රශ්ණයක්. පසුව විස්තරාත්මකව පිළිතුරක් ලියන්නම්. එතෙක් පිළිතුර 2. යැයි කෙටියෙන් කිව හැකිය.

      වඩා වැදගත් සිල් ගැනීම, බණ ඇසීම, දන් දීන යනාදී පුණ්‍ය කර්ම සිදු කිරීමද නැතිනම් ඒවා සිදු කරන දිනය ද කියා තමයි, මට අදාල නොවුණත්, මාත් මේ කල්පනා කරන්නේ.

      Delete
    3. තම රාජකාරිය සියල්ලට වඩා ප්‍රමුඛ වුනත්, මෙවැනි දිනයක් වෙනුවෙන් වරුවක්වත් වැය කළ නොහැකිනම්, ඒ බෞද්ධකම කුමක්ද?

      ඇයි බුදුරජාණන් වහන්සේ එහෙම දෙසලා තියන්වද බුද්ධ ධර්මයෙහි ...

      මේ ආමි ලොක්කෝ දැන් ඔසිවල පන්සල් පැටව ගහනවා සුදු මදාවියන්ගේත් ඉවසීමේ සිමාවක් තියනවා ඔහෙලට මුස්ලිම් පල්ලියක් හැදෙනකොට මල වගේම මෙහෙ සුදු මදාවියන්ටත් එකට මල එක පැන්නොත් එහෙම නිකම් ඉල්ලන් කෑමක් වෙනවා නිතිය තියනවා තදට. නමුත් කෙලියට පස්සේ වේදනාව කාලාම බලන්න ඕනේ. නිතිය එනකොට පෙරහැර ගිහිල්ලා ඉවරයි .

      Delete
    4. බුදුහිමියන්ට සම්බන්ධ හැම වැදගත් සිද්ධියක්ම පුර පෝය දින වල දී විතරක්ම සිදුවෙලා තියෙන්නේ ඇයි? ඒවා මාසයේ වෙනත් දිනක සිදුවු නමුත් කැලැන්ඩර් ආදිය නැති වකවානුවක පහසු reference එකක් විදිහට පුර පෝය දිනය යොදාගත්තා විය නොහැකිද?
      දැනට වසර 30 -40 පෙර බය්යන් ලෙස (එකල) හැදින්වූ හේන් වගාවෙන් ජීවත් වු ජනතාව විශේෂ ඔවුන් ගේ ජීවිතයේ විශේෂ අවස්තා දැක්වූයේ මහ හුලං (මෝසම් ) ගණනක් වශයෙනි.

      Delete
    5. //එක්කෝ ඕස්ට්‍රේලියානු රජය, මේ වීඩියෝවේ හාමුදුරුවෝ කියන ආකාරයට, සුදු ජාතිකයන් කළු ජාතීන්ගේ අයිතිවාසිකම් උදුරාගත්තාක් මෙන්, ඕස්ට්‍රේලියාවේ ඉන්න බෞද්ධයන්ගේ ආගම ඇදහීමේ අයිතිය උදුරාගෙන තිබෙනවා.//
      ඔය වෙසක් නිවාඩුව ලෝකෙටම නිවාඩුයි කිව්වට ඕක පිලිපදින රටවල් තියනවද මන්ද! මම කිහිප දෙනෙකුගෙන්ම ඇහුව ඔය කාරණාව. නමුත් බටහිර රටවල වෙසක් කියල වෙනසක් නෑ වැඩ

      Delete
  6. +++++++++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. ධනාත්මක ප්‍රතිචාරයක්!

      Delete
  7. ගල්කන්දේ හාමුදුරුවෙනි සන්ධානෙ රැස්වීම් පැත්තෙ වඩිනව එහෙම නෙවෙයි

    ReplyDelete
    Replies
    1. නිර්මල සාදුටයි, කුමුදු සාදුටයි කළ දේ ඩබල් කරලා දෙයි!

      Delete
  8. බණ කියන රටක්
    බණ අහන රටක්
    යුධ බිමක් වුණේ කෙලෙසා
    එය නිවන මගක්
    මල් පිපුණු ලොවක්
    අපි දකිමු ඉතින් කවදා …

    ReplyDelete
    Replies
    1. බුදු බණ කිව්වා නිරන්තරේ
      බුදු බණ ඇසුවා නිරන්තරේ
      ගතිගුණ අතින් අපි තවමා වනන්තරේ
      වනන්තරේ

      Delete
  9. ස්තුතී.. යු ටුබ් වීඩියෝ එකටත් ස්තුති

    ReplyDelete
  10. හාමුදුරුවන්ගේ බන හොඳයි. දැම්මට ස්තුතියි.

    ReplyDelete
  11. රසික,

    මේ පිළිබද මාරයාගේ අඩවියේ සටහන් කළා මන් හිතන්නේ එය මෙයටත් අදාලයි. මෙහි ඇත්තේ ජනතාවගේ ජාතිවාදී ප්‍රස්නයක් නෙමෙයි, දෙසපලන්යයන් ජාති වාදය යොදාගැනීමයි.

    මරයගේ අඩවියේ තැබූ කොමෙන්ටුව.

    //
    මල්ලි,

    //මොන විදියේ මිලක් ගෙවා හෝ ඒ යුද්ධය නිමා කර දැමීම මේ තරම්ම අපට වටින්නේත් ඒ නිසයි... //

    මේ ගැන කිසිම තර්කයක් නෑ !

    නමුත් අප සෙවිය යුත්තේ මෙවැනි යුද්දයක් ඇති වුයේ අයි දැයි කියා. සිංහල සහ දෙමල දෙසපලන්යන් තම ජනතාව රැවටීම දිගටම සිදුකලා, තවමත් සිදුකරමින් සිටි.

    සුද්දන් විසින් යෝදාගන්නලද "බෙදා පාලනය " මිට මුල් ගෙතුවක් උනත් මෙවැනි තත්වයට අපරට පත් වුනේ සිංහල සහ දෙමල දෙසපලන්යය්න් සහ මෝඩ ජනතාව නිසයි. ටිකක් හිතන්න පහත කරුණු මිට කොතෙක් බලපෑවද කියා .

    01. G G PONNAMBALAM විසින් 50/50 නියෝජනයක් ඉල්ලීමට හෙතුඋනේ 1956 සිංහල පමණක් ලෙස පැමිණි බණ්ඩාරනායක ගේ පනතයි, මෙයින් සිදුවුයේ කුමක්ද ?

    01. සිංහල කතා නොකරන සියලු පුද්ගලයන් ට තම රැකියාව පිළිබද තිබු අයිතිය නැති කිරීම
    මෙය ඉංග්‍රීසි කතානොකරන සිංහලයන්ට තමාට පැමිණිය නොහැකි අවස්ථා වලට පැමිණීමට මගපෑදුනත් දීර්ග කාලීනව නවීන තාක්ෂණික
    තොරතුරු ශ්‍රී ලංකාවට ලබාගැනීමට නොහැකි වීම (තාක්ෂණික පොතපත සිංහලට පරිවර්තනය වීම ඉතා මන්දගාමී වීම ) නිසා අප රටට ලැබුන අවස්ථාව කලාපයේ අනෙක් රටවලට හිමිඋනා.

    02. ප්‍රමිති කරණය මහින් (වැඩි ලකුණු ලබාගත් යාපනය සහ කොලබ සිසුන්ට සරසවි අවස්ථා අහිමිකර ඊට අඩු ලකුණු ගත් වෙන පළාත්වල සිසුන්ට සරසවි වරම් ලැබීම ) මෙය නිසා සිදුඋනේ සිංහල සිසුන්ට වැඩි වාසියක් නිසා මහා ජාතිය ලෙස අප නිහඩ වීමත් සුලුජතිකයන්ගේ සිත් පෑරීමත් යන කරුණු දෙකයි

    මෙවැනි කරුණු ගණනාවක් නිසා ඇතිවුන ත්‍රස්‌ත යුද්දය අවසන් නොකර දිගට පවත්වා ගත්තෙත් ඔයකියන පක්ෂ දෙකේම දෙසපලන්යයන් විසින්.

    බණ්ඩාරනායක ගේ දියණිය කලෙත් ඇය ගේ කපටි පියා සිදුකල දෙයමයි, යුද්දය ඇවිලී යද්දී සුදුනෙලුමක් අරගෙන මෝඩ සාම කතා කල ඇය අද කියන්නේ 75% යුද්දය කරන ලද්දේ ඇය ගේ කාලයේ බවයි.

    අප රටේ වගේම සුද්දන් ජාතිවාදී ගැටුම් ඇතිකළ සිංගප්පුරුවේ මෙය විසදු හැටි ඉතා වැදගත්.

    චීන සම්බවයක් ඇති මිනිසුන් සහ මැලේ ජාතිකයන් අතර ගැටුම් ඇතිවූ විට lee kuan yew සිදු කලේ ඉතා දැඩි නීති මහින් ජාතිවාදී අදහස් පතුරවන
    උදවියට දඩුවම් ලබාදීමයි.

    ඔහු විසින් ලෝකය සමග ගනුදෙනු කිරීමට උවමනා ඉංග්‍රීසි බාෂාව බව තීරණය කර 45% පමණ චීන ජනතාවගේ අයිති වාසිකම් ගැන නොසිතා තම දක්ෂ කමට සරිලන රැකියාවක් ලබාගැනීමට මග පාදන ලදී.

    මෙයින් අප තේරුම් ගතයුත්තේ මහින්ද බොදුබල සේනාව සමග ක්‍රියාත්මක කල සිංහල ජාතිවාදය මැඩලිය යුතු අතර MY3 දෙමල පක්ෂ සමග එකතුවී
    දෙමල පක්ෂ ගහන පදයට නැටීමත් නැවැත්විය යුතුයි.

    මේ ජාතිවාදී ප්ර්ශනයට ඇති විසදුම
    01. ජාතිවාදී අදහස් පතුරමින් ජනතාව කුපිතකරවන්නන් ට දීර්ග කාලින සිරදඩුවම් ලැබෙන
    02. පාර දෘශ්‍ය බාවයෙන් යුතු නවීන තාක්ෂනය යොදාගන්නලද සම්පත් බෙදීමේ විෂමතා වලක්වා ගතහැකි ක්‍රමයක් මගින්

    ඉහත ඔබ සදහන් කල අවාසනාවන්ත තත්වයක් ඇතිවීම වලකා ගැනීමට හැකි වනු ඇති.

    //

    ReplyDelete
    Replies
    1. දේශපාලුවන් නැති ලෝකයට තමයි නිර්වානය කියන්නේ!

      Delete
  12. සිත හොඳටම පහන් වුනා...nice post...:)

    ReplyDelete
  13. අපේ ගෙදර මිනිස්සු ඇහැරිලා ඉන්න හැම තිස්සෙම මොකක් හරි බණක් දාලා.. එක්කෝ අම්මා නැත්නම් අපේ උන්දෑ.. ඒ නිසාම මමනම් බණ අහන්නේම නෑ.. ඒත් වෙසක් දවසේ ටීවී එකේ පෙන්නපු කොහෙ හරි පන්සලක හාමුදුරුවෝ නමක් කියනව ඇහුණු ලස්සන බණක් මගේ හිත් ගත්තා..
    'පහන් පත්තු කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ ඥානය වැඩි දියුණු වීම.. ඒත් අද කාලේ මිනිස්සු කරන ලොකුම අඥාන ක්‍රියාව තමයි පට්ට දවාලේ පහන් පත්තු කිරීම' හැක්. (මේක මීට වඩා සංවර විදියට එතුමෝ කියූ සේක.)

    ReplyDelete
    Replies
    1. බෝ ගසට වතුර දැමීමත් එහෙමම තමයි. ඕනෑම ගසකට වතුර දැමීම එක හා සමාන ප්‍රතිඵල දෙන ක්‍රියාවක්.

      Delete
  14. වෙසක් ඉවරයිනෙ.

    ReplyDelete
    Replies
    1. නමුත්, ධම්ම සවන කාලෝ - හැමදාම!

      Delete
  15. බොහොම ස්තූතියි වීඩියෝව අපි එක්කත් බෙදා ගත්තට.. අද කාලේ ඉතින් අහන්න තරම් හරි බණක් තියෙනව කියලයැ..

    ReplyDelete
  16. පිරිත් මැද්දෙ ඇඩ් දාන්න බැරි කම මිසක් නැත්තම් පිරිත් බෙල්ට් එක කියන්නෙ හොඳ රේටිංග්ස් තියෙන වෙලාවක්. හැබැයි අපේ සිල්වතුන් රකින ධර්මයක් නම් පේන් නෑ

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.