Friday 29 January 2016

යුගයේ ගායිකා භාෂී මධුභාෂිණීට අපූරුවට ගැලපෙන ගී පද වැලක් ලියූවෙමි - This is the least I can do for Bhashi Madhubhashini


මෙතෙක් කතාව මෙසේ ය.

සිරස සුපර් ස්ටාර් තරගයේ එක් වටයක දී, අප තියා ඒ පදමාලාව ලියූ සුනිල් ආරියරත්න පවා වැඩිය අසා නැති, රෝහණ වීරසිංහ ගේ සංගීතයෙන් යුතු, ප්‍රදීපා ධර්මදාස ගේ සොයා දියව් නම් ගීතය නව ආරකින් කියා භාෂී මධුභාෂිණී නම් තරගකාරියක් ජනප්‍රසාදය දිනා ගත්තා ය.

ඒ රියැලිටි තරගයේ ඊළඟ වටයේ දී ඇය ගැයූ, සුනිල් ආරියරත්න ගේ පදමාලාවෙන් ද, මර්වින් පෙරේරා ගේ සංගීතයෙන් ද යුතු නන්දා මාලනී ගේ, හන්තාන අඩවියේ නම් ගීතයට විනිශ්චය මංඩලයේ සාමාජික තනූජා ජයවෝධනගෙන් යුගයේ ගායිකාව ලෙස ප්‍රසාද සම්මාන ලැබුණද මට නම් වැටහී ගියේ භාෂී මධුභාෂිණී ඒ ගායනය සඳහා ආරූඪ කරගත් කර්ණ කඨෝර මහාප්‍රාණ හඬ හන්තාන අඩවියේ ගීයේ අරුතට කිසිසේත් ම නොගැලපෙන බවයි.

රසිකයින් වැඩි පිරිසක් ද එසේම සිතන බව මගේ රසිකොලොජියේ ලිපියට ද, ෆේස්බුක් අවකාශයේ පළවුණු තිබුණු විවිධ සටහන්වලට ද, ලැබී තිබුණු ප්‍රතිචාරවලින් මොනවට පැහැදිලි විය.

හොඳ ගායනා හැකියාවක් ඇති බවට සැක නැති භාෂී මධුභාෂිණී එක් රැයකින් ජනප්‍රසාදයේ සිට ජන-අප්‍රසාදය දක්වා පල්ලම් බැස ඇති බව පෙනේ.

ඇය දැන් කළ යුත්තේ සුන්දර පදමාලාවලින් යුක්ත අප අසා ඇති, අප ප්‍රිය කරන, ගීත ඇය ආරූඪ කර ගෙන ඇති ඒ කර්ණ කඨෝර මහාප්‍රාණ හඬින් ගැයීම නොව, ඒ කර්ණ කඨෝර මහාප්‍රාණ හඬට ගැලපෙන පද මාලාවකින් ගීතයක් නිර්මාණය කරගැනීම බව මගේ අවංක අදහසයි.

ඇයට ඒ මග පාදා දීම පිණිස ම, ඇය ප්‍රියකරන ඒ කර්ණ කඨෝර මහාප්‍රාණ හඬට ගැලපෙන පද මාලාවක් ලියන්නට මම අදහස් කළෙමි.

මේ මා ඒ සම්බන්ධයෙන් ගත් උත්සාහයේ දළ ප්‍රතිඵලයයි.

මෙය විප්‍රලාපී ස්වරූපයක් ගැනීම, සෑහෙන උත්සාහයක් ගත්තද, වැළකිය නොහැකි විය.

ඝණ්ඨාර ශබ්දයෙන්
ධරනි තලය මැඩ අකුණු පුපුරුවා පැතිරෙන්නේ
ද්වේෂයේ දුගඳ නොවේ
ඝණ්ඨාර ශබ්දයෙන්
ඛනිජ ලවණ බඳු පරුෂ වචන ජඩ පවසන්නේ
ද්වේෂයේ දුගද නොවේ

අෂ්ටවර්ණ ටෙලිවිෂනය ගෙනෙනා
ලම්බකර්ණ ශ්‍රවණේන්ද්‍රිය මඩිනා
සප්තස්වරය නිෂේධනය කරමින්
කර්ණ කඨෝර වු ශබ්ද රසය විඳිනා
ශ්‍රාවක ශ්‍රාවිකාවන් ගේ
කකියන රුධිරේ ගොජ ඝෝෂාවයි
ද්වේෂයේ දුගඳ නොවේ

ඝණ්ඨාර ශබ්දයෙන්
ධරනි තලය මැඩ අකුණු පුපුරුවා පැතිරෙන්නේ
ද්වේෂයේ දුගඳ නොවේ
ඝණ්ඨාර ශබ්දයෙන්
ඛනිජ ලවණ බඳු පරුෂ වචන ජඩ පවසන්නේ
ද්වේෂයේ දුගද නොවේ

කෞශල්‍යය සහජව ඇත පිහිටා
අභ්‍යාසය සතතව කර හනිකා
ස්ව නිර්මාණය දෙනු කියමින්
ටෙලිවිෂනය යූ ටියුබය බලනා
ශ්‍රාවක ශ්‍රාවිකාවන් ගේ
ශෛල ලෙසින් එන පුෂ්ප පොකුරු පමණයි
ද්වේෂයේ දුගඳ නොවේ

ඝණ්ඨාර ශබ්දයෙන්
ධරනි තලය මැඩ අකුණු පුපුරුවා පැතිරෙන්නේ
ද්වේෂයේ දුගඳ නොවේ
ඝණ්ඨාර ශබ්දයෙන්
ඛනිජ ලවණ බඳු පරුෂ වචන ජඩ පවසන්නේ
ද්වේෂයේ දුගද නොවේ


මේ පද තව දුරටත් සංශෝධනය කළ යුතුයි.

ඒ සඳහා ඔබේ යෝජනා තිබේද?

සුනිල් ආරියත්න ලියූ පදමාලා සහිත වෙනත් ගීත භාෂී මධුභාෂීනී ගේ ගායනයට ගැලපෙන පරිදි කෙසේ වෙනස් විය යුතුද?

-රසිකොලොජිස්ට්

ප/ලි
මා මේ කොපි-කැට් පදමාලාව ලියූයේ ඇත්තට ම අභ්‍යාසයක් විදියටයි.

මීට අවුරුදු ගාණකට කලින් මගේ හිතවතෙක් මට ඔහු හදපු තනුවක සංගීත කණඩයක් දී වචන යොදා පදමාලවක් ලියන ලෙස මගෙන් ඉල්ලීය. මා ලියූ පදමාලා කිහිපයකටම ඔහු සංගීතය යෙදා තිබුණු නිසා මම එය කරන්නම් කියා බාර ගත්තෙමි. සති කිහිපයක් තිස්සේ පැය ගණනාවක් උත්සහ කළද එය මට කළ නොහැකි විය.

පෙරේදා මා ලියූ ලිපිය ලියා පල කළාට පස්සේ මේ අද පළ කර ඇති පදමාලාවේ අදහස සිතට නැගුණි. මෙය ලියන්නට ද දවසක්ම ගතවුණි!

ඒ දවස්වල කරුණාරත්න අබේසේකරලා ඒ තරම් විශාල හින්දි සින්දු ගණනක තනුවලට චවන දැම්මේ කොහොමද කියා මට නම් හිතා ගන්නත් අමාරුයි.

මෙය අපහාසයට ලියූ එකක් නොවේ. මේ පදමාලාවේ වචන තුළිනුත් මා කියා ඇත්තේ එයයි.

(image: https://www.facebook.com/bmmadhubashini)

69 comments:

  1. අැයි මන්දා පහක් දාන්නමයිනේ හිතෙන්නේ...........

    ReplyDelete
    Replies
    1. ලියමුද ගී පදමාලාවක්?

      Delete
    2. ඝන්ටාර නාදයේ

      කියලා දැම්ම නම්

      Delete
  2. සුපර් ස්ටාර් ගීත රචකයෝ තෝරන තරඟ නැද්ද? එහෙම එකකට භාෂි මධුභාෂිණී එක්ක යනවනම් SMS එකක් එවන්න පුළුවන්!

    ReplyDelete
    Replies
    1. සිඩ්නිවල සිංහල ලේඛක සංසදයෙන් ගී පදමාලා එකතු කර සීඩී දෙකක් ම කළා පසුගිය වසර කිහිපයේ දී.

      නමුත් නම් යොදා ගත්තේ නෑ!

      Delete

  3. තව එක මහාප්‍රාණයක් එකතු කරගන්න පුළුවන්. "අෂ්ඨ වර්ණ"

    ReplyDelete
    Replies
    1. What is අෂ්ඨ වර්ණ ?
      8K? 8bit? RGB?

      Delete
    2. "අෂ්ට වර්ණ" කියායි මා සොයා බැලූ තැන්වල තිබුණේ අෂ්ඨ නොවේ.

      මේ අෂ්ට වර්ණ සැදෙන්නේ සප්ත වර්ණයට කළු පාට එකතු කිරීමෙනි

      Delete
  4. මෙන්න භාශි මධුභාෂිනී ඉදිරියේදී ගැයීමට නියමිත ගීත කීපයක්...
    සව්රා සිහින ව්රහසේ.....ඒයිධිව්ර්රා කියා....හ්

    පෙව්රදෑ හ් මහ ව්රෑ හ් මා සිහිලෑල් උව්ර මැඬලේ යි

    ඔ ඔ ඔ ඔබෑ යි ව්රැම්‍ය සඳ ඛිව්රන ඝන ඇන්ධකාව්රේ හ්ඔබෑ යි සෞම්‍ය තව්රු එලිය ඝිම්හෑන කාලේ යි

    නිලම්බව්රේ සුධු පරවි ව්රෑන් යන දිනැක් උදෑ වේව්වාදොව්රින් දොව්රට නල හසව්රැලි තෙව්රපෙන ඛලක් උදෑ වේව්වා

    ReplyDelete
    Replies
    1. මේ කමෙන්ටුව මං මීට කලින් දැකලා තියෙනවා!

      Delete
  5. මට පේන්නේ භාෂී මධුභාෂී රසිකලගේ නෑ කෙනෙක්..

    මේකත් එකතරා මාකටින් මෙතඩ් එකක්..

    බියර් බිව්වම ගඳයි, සිකරට් බිව්වම ගඳයි කියලා ඇඩ් දාන්නේ ඒ කොම්පැනිවලින්මයි..

    ග්‍රේට් ජොබ් රසික... දැන් ඇය සෑහෙන ජනප්‍රියයි..

    ReplyDelete
    Replies
    1. තව විශේෂ දෙයක් කියන්න ඕන...

      අපේ මිනිස්සු වෙනසකට මාර අකමැතියි වගේම බයයි...

      සුනිල් ආරියරත්නට අවුලක් නැත්නම් අනික් උන්ට තියෙන අවුල මොකක්ද....?

      මෙයා මේ වෙනකන් යුගයේ ගායිකාව වෙල උන්නේ නෑ.. එහෙම වෙන එකකුත් නෑ... මොකෝ ඔය ස්ටයිල් එක අපේ මිනිස්සුන්ට දිරවන්නේ නැති නිසා..

      ඒත් දැන් නම් යුගයේ ගායිකාව ඇයිඅයි..

      බටහිර රටක ඉන්න මනුස්සයෙක් මැය ගැන පෝස්ට් දෙකක්ම දැමීමෙන් ඒ බව මනාව ඔප්පු වෙනවා... වෙනත් සාධක ඕන නෑ...

      Delete
    2. මාත් සියනෑ පැත්තේ වුනාට නෑයෝ නම් නොවෙයි.

      මා මේ ගායිකාවට කැමති බව නම් කලින් ලිපියේත් ලිව්වානේ.

      මං ඉන්නේ බටහිර නම් නොවේ. මට සාපේක්‍ෂව මාතලන් ඉන්නේ බටහිර රටක. ඒ රටේත් බටහිර පලාතේ!

      Delete
    3. ඒකෙත් හරි මැද....

      මැද කොළඹ

      Delete
  6. Replies
    1. Rasika is going too much over I think.. We had our ideas with his previous post. Thats enough I think

      Delete
    2. 100% එකඟයි...

      මෙය රසිකට තරම් නොවේ...

      Delete
    3. මාතලන් ගේ "මෙය රසිකට තරම් නොවේ" යන කතාවට අදාලව මේ කාරණය කිව යුතුයි.

      මං මේක ලිව්වේ ඇත්තටම අභ්‍යාසයක් විදියටයි. මීට අවුරුදු ගාණකට කලින් මගේ හිතවතෙක් ඔහු හදපු ටියුන් එකක් මට දීලා කිව්වා වචන ටිකක් දාලා දෙන්න කියලා. මං ලියපු පදමාලා පහකට විතර මිනිහා මියුසික් කරලා තියෙන නිසා මං හා කියලා ලියන්න බාර ගත්තට ලියා ගන්නම බැරිවුණා.

      පෙරේදා ලිපිය ලියා පල කළාට පස්සෙයි මේ අදහස ආවේ. මේක ලියන්නටත් දවසක්ම ගියා.

      ඒ දවස්වල කරුණාරත්න අබේසේකරලා ඒ තරම් විශාල හින්දි සින්දු ගණනක තනුවලට චවන දැම්මේ කොහොමද කියලා හිතා ගන්නත් අමාරුයි.

      ඔය "මෙය රසිකට තරම් නොවේ" වගේ දේවල් හිතෙන්නේ මේකේ පසුබිම් කතාව නිසායි. එහෙම නැතිනම් මේ වගේ දේවල් ගැන (එනම් සින්දුවල පද වෙනස් කිරීම ගැන) මං කලින් ලියලා තියෙනවා.

      මෙය අපහාසයට ලියූ එකක් නොවේ. මේ පදමාලාවේ වචන තුළිනුත් මා කියා ඇත්තේ එයයි.

      Delete
    4. ආදරණීය සහෝදරයා, සහෝදරිය ,
      //"Rasika is going too much over"\\ හෝ //"මධුභාෂී රසිකලගේ නෑ කෙනෙක්..\\" හෝ නොවෙයි. රසිකගේ මෙම උනන්දුවට හේතුව ඔහුගේ පෙර ලිපියේ මොනවට පහදා දී ඇත. බලන්න ... //"ඇය ගේ ගායනා විලාසය සහ රංගනය ගැන මට එදා ඇතිවූයේ කැමැත්තකි. මේ දෙවෙනි ගීතය සම්බන්ධයෙන්ද, රංගනය සහ ගීතය ඉදිරිපත් කළ ආකාරය මට ගෙන දුන්නේ ආස්වාදයකි. එහි යම් කිසි ලිංගික ආකර්ෂණයක් ගැබ් වී ඇතැයි පැවසීම බොරුවක් නොවේ\\"
      ලියන්නා කෙසේ ලීවත් කියවන්නා සිහි බුද්ධියෙන් කියවිය යුතුය.
      රසිකට ආක්‍රෝෂ පරිභව කරන උන්ට මරණය !!!
      හන්තාන අඩවි ආරක්ෂක රසික සකි කැල වෙනුවෙන්

      ලිපිකංගම් ක්ෂුද්‍ර ලිංගම්

      Delete
  7. හා
    මලාහ්
    ඩහන් ඔකටා music එක රසිකගේ තට්ටෙන්ඩහ් ගන්නහ් වෙන්නෙහ්

    ReplyDelete
  8. Well said Rasika.

    ReplyDelete
  9. භාෂී මධුභාෂිණී
    භාෂී...කෝ මේ වේසී?
    ඇදලා ගනින් ඕකිව!

    කෑ ගැහුවට ගණන් ගන්න එපා
    ඕකුන් ඔහොම තමයි

    හරි දැන් වළලපන් කරවටක්
    හරි..........................!

    එකතු කරපන් ගල් ගොඩ
    මතකයි නේද ඒවා තෝරන හැටි?
    "...කිසිදු ගලක් ඇය දෙක තුනක් ගැසීමෙන් පමණක් මිය යන්නට තරම් විශාල නොවිය යුතුවා සේම බොරළු තරම් කුඩාද නොවිය යුත්තේය..."

    දැන් ගහමු පළමු ගල!
    ප්‍රශ්නයක්: කවුද ගහන්නේ?
    ඥාණසාර හිමියන්ද සිරගතවය.
    සිටියා නම් උන් වහන්සේ මේ සත් කාර්යය කරනවා නිසැකයි.
    කමක් නෑ... ඔන්න ඔය ළමයා එන්න ඉස්සරහට...
    මොකද්ද නම කිව්වේ...?
    රසික? ලස්සන නම...රසික!
    රසික පුතා දැන් ගහමු පළමු ගල!
    අපි දෙඤ්ඤං කමෙන්ට් ගල් වලින් ඉන්පසුව,
    ඇස්ටි හැළෙන්නටම!

    මධුභාෂිණී, භාෂී
    මේකී තමයි දූෂණය කළේ අපේ නන්දා මාලිනී මෑණියෝ!
    මධුභාෂිණී, භාෂී
    කමෙන්ට් ගල් ගසා - මරමු මේ වේසී!

    ReplyDelete
    Replies
    1. /* ශෛල ලෙසින් එන පුෂ්ප පොකුරු පමණයි
      ද්වේෂයේ දුගඳ නොවේ
      */

      Delete
  10. මගේ සිතට එන, මට වැදගත් යැයි සිතෙන, ඕනෑම දෙයක් රසිකොලොජියේ පළවෙනු ඇත - රසික

    මෙම කතාව තවත් පෝස්ට් එකක් දක්වා ඇදගෙනයාම රසික වැන්නෙකුට වැදගත් නොවේ යැයි සිතේ - රසිකොලොජි පාඨකයෙක්!

    ReplyDelete
    Replies
    1. Udaya Dissanayake ගේ "රසික වැන්නෙකුට වැදගත් නොවේ" යන කතාවට අදාලව මේ කාරණය කිව යුතුයි.

      මං මේක ලිව්වේ ඇත්තටම අභ්‍යාසයක් විදියටයි. මීට අවුරුදු ගාණකට කලින් මගේ හිතවතෙක් ඔහු හදපු ටියුන් එකක් මට දීලා කිව්වා වචන ටිකක් දාලා දෙන්න කියලා. මං ලියපු පදමාලා පහකට විතර මිනිහා මියුසික් කරලා තියෙන නිසා මං හා කියලා ලියන්න බාර ගත්තට ලියා ගන්නම බැරිවුණා.

      පෙරේදා ලිපිය ලියා පල කළාට පස්සෙයි මේ අදහස ආවේ. මේක ලියන්නටත් දවසක්ම ගියා.

      ඒ දවස්වල කරුණාරත්න අබේසේකරලා ඒ තරම් විශාල හින්දි සින්දු ගණනක තනුවලට චවන දැම්මේ කොහොමද කියලා හිතා ගන්නත් අමාරුයි.

      ඔය "මෙය රසිකට තරම් නොවේ" වගේ දේවල් හිතෙන්නේ මේකේ පසුබිම් කතාව නිසායි. එහෙම නැතිනම් මේ වගේ දේවල් ගැන (එනම් සින්දුවල පද වෙනස් කිරීම ගැන) මං කලින් ලියලා තියෙනවා.

      මෙය අපහාසයට ලියූ එකක් නොවේ. මේ පදමාලාවේ වචන තුළිනුත් මා කියා ඇත්තේ එයයි.

      Delete
  11. This is the least I can do for Bhashi Madhubhashini//
    me post eke adahasath ( bhashige) pera post ekatama add kerala liyala thibunaanam wadaath hondai kiyalai mata hithenne.

    I also agree with dheshaa.

    ReplyDelete
    Replies
    1. වෙබ් මූලධර්ම අනුව පිටු දෙකක ඇති ලිපි දෙකක් එකට ඈදෙන්නේ ඒවා තුල අන්තර්ගත කරන සබැඳි (links) මගිනි.

      මේ ලිපියේ මීට පෙර ලිපියට සබැඳියක් ඇත.

      පෙර ලිිපියේ තරිදු පළ කළ කමෙන්ටුවට පිළිතුරු ලෙස මේ ලිපියට සබැඳියක් දමා ඇත. දැන් එය ප්‍රධාන කොටසට ද ඇතුළත් කරමි.

      Delete
  12. හැමදාම වගේ ගොඩක් අය ප්‍රශ්නය අල්ලාගත්තේ වලිගෙන් වගේ. සුපර් ස්ටාර් වැනි වාණිජ තරගයකදී වුනත්, විනිශ්චය ඉදිරිපත් කරන්න මුලදී හිටියේ කේමදාස මාස්ටර්, අමරසිපීරිස් වැනි ප්‍රවීණයෝ. දෙරණ ස්ටාර් එකෙත් හිටියේ කීර්ති වනි ප්‍රවීණයෝ.

    පසුව ඒවා රාජු, සමිතා වගේ අයගෙන් පිරිලා දැන් ඇවිත් තියෙන්නේ උමාරියා රොමේෂ් වැනි බබ්බු අතට. ඉතින් මට නම් මෙවර සුපර් ස්ටාර් විනිශ්චය මණ්ඩලය පෙන්නේ හරියට අන්තරජාතික ක්‍රිකට් තරගයකට පස්සේ එතන කොළ බෝලෙකුයි ලෑලි බැට් එකකුයි අරගෙන අත යටින් බෝලේ දාල සෙල්ලම් කරන පුංචි 5 හපන්නු වගේ. (තනුජා නම් සින්දු ගැන විචාර කරන්න තියා සංගීතේ ගැනවත් හරියට දන්නවද කියල සැකයි.) මේවා හරියට මර්වින් සිල්වාගේ මෙගා ස්ටාර් විනිශ්චය වගේ. රොමේෂ් සහ උමාරිය ඉන්නේ අනික් අයට උපදෙස් දීම කෙසේවෙතත් තමුන්ගේ වුර්තීයමය සංගීත ජීවිතය දියුණු කරගැනීමට ප්‍රවීණයන්ගෙන් උපදෙස් ගොඩක් ලබාගතයුතු තරම් ලාමක තත්වයක.

    ඒවගේ ගොබ්බ සේනල විනිශ්චයකාරයෝ වෙනකොට තරග කරුවෝ මෙහෙමවත් සින්දු කියන එක හොද නැද්ද ?

    මෙරටේ මහා කලාකරොයයි කියාගන්න උදවිය මුදල් වලට ගිජු වෙලා දෑත ශක්තිමත් කරනකොට වැරදි වැරදිවත් විරෝධාකල්ප ගීත කියන එක නරකද ?
    කොන්ඩෙයි බුලත් විටයි විකුණලා සිල් බිදගතිපු තක්කඩින්ට වැඩිය මේ ළමය හොද නැද්ද ?
    කතෝලික වෙනගමන් (ආගම සදහන් කරන්නේ ඔහුගේ අදහන ආගම නොවන වෙනත් ආගමක සාස්තෘ වරයෙකුට නෑකම් සැදීම අශිෂ්ට බව පෙන්වීමට පමණයි) බුදුහාමුදුරුවෝ සහ ලංකාවේ තක්කඩි හොරුන්ට නෑකම් හදන අශිෂ්ටයන්ට වඩා මේ ළමය හොද නැද්ද ?
    සුන්දර සුමට හඩට මුවා වෙමින් "මරල හරි ගත්තේ නැත්තේ ඇයිද" අහන යක්ෂනියන්ට වැඩිය මේ ළමය හොද නැද්ද ?

    මෙය ඉතා කුඩා අඩුපාඩුවක්. අනික ඇය ගායිකාවක් නොවෙයි. ඇය අඩුම තරමේ සංගීත විභාගයකට ඉදිරිපත් වන ශිෂ්‍යාවක් වත් නොවෙයි. හුදෙක් ගායන තරගයකට සහභාගී වන තරගකාරියක්. අයි ඔබ මේසේ නිර්දය ලෙස එවැනි කුඩා චරිතවලට පහර එල කරන්න උත්සහ කරන්නේ ?

    ලොක්කන් කරන කුඩා වැරදිවලට පවා තදින් පහරදීමත්, පොඩ්ඩන් කරන බරපතල නොවන අඩුපාඩු ඔව්න්ගේ සිත නොතලා සිනහවකින් බාරගැනීමත් වැඩිහිටියන්/වෘත්තිකයන් ලෙස මා හට ලැබූ වටිනා පුහුණුවකි. උසස් වෘත්කයෙකු වන ඔබ තුල එම ශික්ෂණය නොතීබම ගැන කණගාටු වෙනවා.

    හැම කළු වලාවකම රිදී රේඛා එකකටවත් වැඩිය තිබෙන්න පුළුවන් බවයි මම සිතන්නේ.

    රට ජාතිවාදී ආගම්වාදී මුහුණුවරකට තල්ලු කිරීමට උත්සහ කරන අවස්ථාවක "සොයදියවූ ගීතය තුලින්" ඇය නැවත මතු කල විරෝධ ආල්පයම ප්‍රමාණවත් බව මගේ අදහසයි.

    මේ තරග කාරිය ඉතා කුඩා චරිතයක් බවත් ඇයගෙන් සිදු වූ ඉතා කුඩා අඩුපාඩුවකට මෙතරම් විවේචනය කිරීම නුසුදුසු බවත් සංක්ෂිප්තය ලෙස දක්වන්න කැමතියි.

    මහාචාර්ය සුනිල් ආරියරත්න යනු වියතෙක්, වටිනා පඬිරුවනක්. ???????????????????????????????????????මහන්සියෙන් බ්ලොග් ලියන ස්වෙච්චා බ්ලොග් කරුවන්ට පුද්ගලික පහරගැසීම මගේ ප්‍රතිපත්තිය නොවෙන නිසා ඊට වැඩිය කියන්න මම කැමති නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔබගේ ගීත රචනයෙන් ඇයට යම් සාධාරණයක් කිරීමට උත්සහ කිරීමට ස්තුති කිරීමට නොහැකි වුනා. සමාවෙන්න.

      ඔබේ ගීත රචනයෙන් ඇයට යම් සාධාරණයක් කිරීමට උත්සහ කිරීමට ස්තුතියි.

      Delete
    2. Absolutely correct. මේ වගේ up and coming starsලට මඟ පෙන්වීමක් මිසක් මේ වගේ sarcasm සහිත posts දාන එක වැරදියි. හුඟක් comments වල තියෙන විදිහට ඇයට උපදෙසක් දෙන්න කෙනෙක් judging panel එකේ හිටියේ නෑ. ඇය තුල ඇති හැකියාව (for e.g. presentation and sexual appeal) වැඩි කර ගැනීමට උදව් කරන එකයි වැදගත්.

      "බුදුහාමුදුරුවෝ සහ ලංකාවේ තක්කඩි හොරුන්ට නෑකම් හදන අශිෂ්ටයන්ට වඩා මේ ළමය හොද නැද්ද ?
      සුන්දර සුමට හඩට මුවා වෙමින් "මරල හරි ගත්තේ නැත්තේ ඇයිද" අහන යක්ෂනියන්ට වැඩිය මේ ළමය හොද නැද්ද ?" ++++++
      Give me a five ano!!!

      Delete
    3. විනිශ්චය මණ්ඩල පත්වී ඇති තත්වය ගැන ඇනෝ සමග එකඟ වෙමි.

      Delete
    4. විනිශ්චය මණ්ඩල පත්වී ඇති තත්වය ගැන ඇනෝ සමග එකඟ වෙමි. × 2

      Delete
    5. කලින් ලිපියෙන් මා කීවේ ඇගේ ගායන විලාශය මුල් ගීයට (සොයා දියව්) ගැලපුනට, හන්තාන අඩවියේට ගැලපෙන්නේ නැති බවයි.

      මේ ලිපියෙන් මා කරන්නේ ගැලපෙන වචන මාලාවක් ඒ තනුවට ලිවීමයි.

      ඔය ටික නොතේරෙන්නේ ඇයි?

      Delete
  13. ශ්‍රාවක ශ්‍රාවිකාවන් ගේ
    ශෛල ලෙසින් එන පුෂ්ප පොකුරු පමණයි
    ද්වේෂයේ දුගඳ නොවේ.. ++++++++++

    ReplyDelete
    Replies
    1. කළණ මිතුරාට නම් මගේ අදහස තේරී ඇත!

      Delete
  14. ගී පද රචකයන් බොහොමයක් අපි දන්නෙත් නෑ. ගී පදරචකයෙක් නිසා ගායකයෙක් කොච්චර ජනප්‍රිය වෙනවාද?
    ඕකේ අනිත් පැත්ත නොවීම කොච්චර අසාධාරණද?

    ReplyDelete
    Replies
    1. ගීත රචකයෙකු ගැන ලියවුණු මේ ලිපිය කියවන්න-
      http://sandunsevana.blogspot.com/2016/01/blog-post.html

      Delete
  15. ඇයට කල් අවශ්‍යයි.
    සිරසට කෙවිටි පහර අවශ්‍යයි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. සිරස ද, පස්ස පැත්ත ද මන්දා?

      Delete
  16. ඇයත් නොදන්නිය ඇය යන මානය.

    ReplyDelete
    Replies
    1. ඇයද පාරක් ... සොරි

      ඇයටද පාරක් - ඇති නැති ගානය

      බෝතලේ අපේ පුංචි අම්මගේ එක්කොත් ඕන් නෑ

      Delete
    2. කීප දෙනෙකුම මංමුලාවෙලා වගේ!

      Delete
  17. ග්‍ර්ස්තික නියුමෝනියාව.. ගමට ව්‍යාප්ත කිරිම.

    ReplyDelete
  18. This comment has been removed by the author.

    ReplyDelete
  19. මෙන්න රසිකගේ නිමා නොවන බාසි ආසාවට මගෙන් තිළිණයක්.

    නේත් ජූඝ රෑන් ථරූ ජූවළ ශමායි

    ReplyDelete
  20. දැනටමත් තරමක් ස්ටේල් ටොපික් එකක් වන මේ ගායිකාවගේ කතාවට පහත කොටස එකතු නොකලොත් ලොකු අසාධාරණයක්. රසික කැමතිනම් ඒ කතාව අනාගත පෝස්ට් එකකට ගන්න මොකද අර්ථවත් නිර්මාණ කරුවන් ස්ටාර් මේනියාව තුල කාබාසිනියා වන ආකාරය ගැන මෙහි ලොකු කතාවක් කියවෙන නිසා.

    සාමාන්‍යයෙන් ප්‍රකට පුද්ගලයෙක් ගැන විනාඩි තිහක ගූගල් පාරකින් සැහෙන්න විස්තර හොයා ගන්න පුළුවන්. මේ භාෂි මධුභාෂිනී ගැන අන්තර්ජාල මීම්ස්. මතක තියාගන්න ඩී එස් මහත්තයා කිව්වා ඉන්ටනෙට් එකේ යන ඔක්කොම ඇත්ත නෙවි කියලා. ඉතින් මේ සියලු දත්ත මුදා හරින්නේ ඒ වෝනින් එක සමග.

    මෙම ගායිකාව කැලණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධියක් සහ සංගීතය පිලිබඳ මාස්ටර්ස් එකක් ගත්ත පාසල් සංගීත ගුරුවරියක්. ඒ වගේම දීර්ඝ කාලයක් විවිධ සංගීත කණ්ඩායම් එක්ක වේදිකා හා උත්සව වල කණ්ඩායම් සංගීතය කල ප්‍රසංග වේදිකාව හුරු කෙනෙක්. ඒකපුද්ගල ප්‍රසංගයක් කල බවත් කියනවා. ඒ වගේ අවස්තාවලදී ඇයට සිංහල උච්චාරණයේ අවුලක් නැතිබව පැහැදිලිව පෙනෙනවා. ඒ වගේම ඇය ප්‍රසංග හැකියාවෙන් ඉතාම උසස් බව. මම මීට කලින් ඇයගේ සංගීතයේ ඇති "ජින්ජර් ඇස්පෙක්ට්" එක ඉස්මතු කළා. ජින්ජර් නමැති පසුව කුප්‍රකට වුනු ගායිකාව සතු ක්‍රවුඩ් එකක් නටවන හැකියාව භාෂි සතු බව මෙම උදාහරණයේ පෙන්නුම් කෙරෙනවා. සමහරු අගයන්නේ නැතුවාට මම නම් ඒ හැකියාව අගයනවා.

    කෙසේ වෙතත් මේ මට්ටම ඉක්මවා ගොස් ස්වතන්ත්‍ර නිර්මාණ කරන්නට වගේම සම්මාන ලාභී ගීතයකට ගායනයෙන් දායක වෙන්නට ඇයට අවකාශ ලැබී තිබෙනවා. මෙම සම්මානනීය ගීතය ඕටිස්ම් සම්බන්ධයෙන්. මම හිතන්නේ මේ කොටස ඇගයීමකට ලක් වෙන්න ඕනේ.

    ඔය 2014. ඔන්න ඔහොම පසුතලයක උන්නු කෙනෙක් තමා අද ස්ටාර් වේදිකාවේ නිකම් පච වෙන්නේ. සිංහල බැරිකම ඇය තරගය තුල අමුතු වෙන්නට හදාගත් එකක් විය යුතුයි. සමහරු කියන සේ එහි "බටහිර සංගීත ඌරුවක්" හෝ "රොක් සංගීත නැඹුරුවක්" නැහැ. නිකම් සිංහල බැහැ වගේ එච්චරයි. බටහිර නෙවි මැදපෙරදිග හෝ කොරියාවේ ගිය අයටත් එහෙම සිංහල බැරිවෙලා තියෙනවා. සංගීතය ගැන ලොකු ටෝක් දෙන්න දැනුමක් නැතුවාට රොක් වොයිස් එකක් මෙයාට නැහැ කියා ෂුවර් කර කිවහැකියි. මේ විකෘතිය සමහරවිට ස්ටාර් ප්‍රෝග්‍රෑම් එකේ සංවිධායකයින් හෝ උපදේශකයින් ඇයට දුන් උපදේසයක් විය හැකියි.

    මම පිලිගන්නවා ස්ටාර් ප්‍රෝග්‍රෑම් වලින් මිනිස්සු ඔසවා තැබෙන බව. මෙයා වුනත් අපි දන්නේ එහෙමනේ. හැබැයි ඒ උස්සපු ඔක්කොම දවසක පොළොවේ ගහනවා. එදාට තමන් තමන්ව නැතිකරගෙන ඉවරයි. ස්ටාර් හිනිමගේ නග්ගපු අයගෙන් ශිහාන් ඇරෙන්න ඔක්කොම ඉවර වුනේ බිමට ඇද වැටිලා. මේ තරම් සංගීතය උගත්, සංගීතය එදිනෙදා යොදා ගන්න සංගීතයේ සැහෙන්න දුර ගමනක් ගිය කෙනෙක් ස්ටාර් විගඩමකට ගොඩවීම ඛේදනීය තත්වයක්. ඒ වගේ අයටත් ස්ටාර් වේදිකාව මත හිමි වෙන්නේ විකාර චරිතයක් වීම පමණයි.

    ඔන්න රසික රිමික්ස් නෙවි ඔරිජිනල් සින්දු ලියාදෙන්න ඕනේ මේ වගේ අයට.

    ReplyDelete
    Replies
    1. අනේ ඔයයි මායි දන්න රොක් මෙයා. වෙන කරන්න දෙයක් නැත්නම් රොටියක් පුච්චං කාල නිදා ගන්න.

      Delete
    2. ඔබේ දීර්ඝ අදහස් දැක්වීමට ස්තුතියි සුජීව. මාත් මේ සෑහෙන විස්තර සොයා බැලුවා කලින්. ඔටිසම් ගීතය ගැන දැන ගත්තේ නම් ඔබේ සටහන නිසායි!

      Delete
    3. අමිල පෙරේරා සහ දර්ශන ප්‍රමොද් slow but steady ගමනක් යනවා.

      Delete
  21. මේ ගායිකාවගේ ඇගේ මියුසික් තියෙනවා කියලා පේනවා. ඒත් උච්චරනය ටිකක් උවමනාවෙන්ම වෙනස් කරගෙන තියෙන පාටකුත් පේනවා. ඒ වගේ රැඩිකල් කියලා පෙන්නන උත්සහකරලා තිබෙන බවකුත් පේනවා. සමහරවිට ඒ සියල්ලම ඇය ඕනාවට වඩා පෙන්නන උත්සහකරලා නිසා වැඩේ නිකම්ම නිකම් 'ගොඩේ' වෙලා තියෙනවා කියලා තමයි මටනම් හිතන්නේ. හරියට අර මෝඩ් වෙන්න ගිහින් මෝඩවෙනවා කියනවා වගේ. මම හිතන්නේ අර අපිට දැනෙන අපුල ගතිය එන්නේ එතනින්. සමහරවිට මේක දේශපාලන ලයින් එකක් එක්ක සම්බන්දද කියලත් හිතෙනවා.

    ReplyDelete
  22. ඛෙල්ලඨ ධුඛ හිථෙයි රසික ...
    ඵවු භන් ...ඵඨ්ඨ ඝේමඛ් ෙඨන්න ඇථි ඔහොම වොයිස් එඛඛ් හධා ඝන්න ....

    ReplyDelete
  23. මේක කියන්න බෑ, අමාරු වැඩියි කියාවිද දන්නේ නෑ හැබැයි.

    ReplyDelete
  24. මේවා විනිශ්චය කරන්නේ කවුරුද කියලා බලන්න. සිංදු දෙකක් තුනක් කිව්වට පස්සෙ උන් අමරදේවටත් වඩා ලොකු ය කියලයි උන් හිතන් ඉන්නෙ. “භාෂි, භාෂි,භාෂි. මට අක්කව මතක් වුණා.“ මරු අක්ක නගෝ!

    ReplyDelete
  25. 60,70,දසකයේ සිංදු මුන් අමු අමුවේ මරාදමනවා ..මුන්ටනම් යුගයේ ගායිකාව උනාට අපිටනම් මෙලෝ රහක් නැහැ .

    ReplyDelete
  26. මගේ හඩින් කියන්න නියම සින්දුවක්. හි හි. සමහර කමෙන්ට් කරුවන් ඔබට මොනාහරි කියන්න ලැබිච්ච උත්කෘෂ්ට අවස්තාවක් වගේ කමෙන්ට් කරලා. ස්තුතී යූටූබ් බැලුවා ඇත්ත තම්‍යි හරි පුදුමයි. එයා වෙනස් වෙලාද වෙනස් කරලද කොහෙද.

    ReplyDelete
  27. ම්‍රෙක නම් භාෂිට ගැලපෙනව. හොඳට බර දාලා ලියල තියෙනවනෙ. තව බර දාලා එයා කියනකොට පදමට එයි..

    ReplyDelete
  28. ප්‍රියන්ජිත් පෙරේරා ෆේස්බුක් හි පළ කළ අදහස
    -------------------------------------------------

    මට නමි මෙි ගායිකාව ගැනවත් ඒ ගිහ ගයන හැටිගැනවත් පරශ්නයක් නැහැ. දැන් මේක පරශ්නයක් කරගෙන ඇති අය කියන්නේ නන්දාමාලනීගේ ඔරිජ්නල් සිංදුව ව්කෟති කලා කියලනේද?

    තන්කරම මේක තමන්ගේ පුද්ගලික කැමැත්ත ගැන පරශ්නයක්. නන්දාමාලනීගේ පරණ ශෛලියට කැමති වයසක බුවාල වගේම මේ අලුත් ශෛලියට කැමති අලුත් මල්ලිල නංගිල ඉන්න පුලුවන්. එතකොට කොයි ශෛලියද හොද කියන එක තනිකරම සබ්ජෙක්ටිව් වැඩක් නොවේද? ඔය සිංදු අහන අපි බෝහෝදෙනෙකුට සංගීතය ගැන මෙලෝ ලබ්බක් නොතේරෙන නිසා ඒ වෙනස තියෙන්නේ ස්වර උච්චාරණයේ හරි වෙනමොන දෙයකද කියල කියන්න දන්නෙත් නැහැනේ.

    ඔය ජොලි සිංදු කියන තාලයෙන් දුක හිතෙන සිංදු කියන්න බැහැ කියන එක වලංගු කාතාවක්ද? ඹනතරම් බටහිර සිංදු ඔය කියන රෑල් එකෙන් පිට පැනලා තියනවා නේද?

    නන්දාමාලනිගේ සිංදුව ඔරිජිනල්ද? ඒ පදමාලාවේ හෝ සංගීතයේ ඇති ඔරිජිනල් කම මොකක්ද? ඔය වචන සෙට් එකයි සංගීතයයි එයට කලින් පාවිච්චි කරපුවල අනුකරණ නොවේද? ඇත්ත නන්දාමාලනීයි සුනිල් ආරියරත්නයි අපිට කරන්න හීනෙන්වත් හිතන්න බැරි වැඩක් කරල තියනවා. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නැහි ඒවා නිකං කාටවත් අලන්න බැරි ශුද්ධවූ වස්තු කියල.

    ගායනය ගැන මම දන්නැ. නමුත් ඔය පද රචනය තනිකරම පැන්ටසියක්. තනිකරම බොරුවක්. මුලු විශ්වද්‍යාල සංහතියේම ඔය සිංදුවෙන් කියන තත්වය අදාල වන අය ඉන්න ඇත්තේ දුසිමි කිහිපයයි. ඒ හාඩ්කෝ ජේවීපී කෂ්ඨිය විතරයි හා ඒ ගොල්ලන්ට කඩේ ගිය අහිංසක අවංක නමුත් ට්කක් මෝඩ කොල්ලෝ ටිකකුයි. අනිත් සාමාන්‍ය ජනතාව බඩගින්නේ හිටියා ගජේ ගැහැවිවා බිව්වා කෙල්ලෝ පස්සේ ගියා ස්ටරයික් පිකටි බොයිකොටි කලා. හැම දෙයක්ම කලා.

    ඒ වුනාට ලස්සණ වැඩේ කියන්නේ ඔය පස්සේ මම කිව්ව සෙට් එක (දැන් හතලිස් පණස් වල ඉන්න පොරවල්) හිතන් ඉන්නේ සුනිල් ආරියරත්න ලියල මර්වින් පෙරේරා සංගීතය දිලා නන්දා මාලනී ගායනා කරන්නේ තමන් ගැන කියල.

    නන්දා මාලනීලා සුනිල් ආරියරත්නලා දන්නවා ඒ දවස් වල ඒ ගොල්ල කරපු එකේ ඇත්ත. ඒ නිසා තමයි ඔය පැන්ටසි වල හීන ලෝක වල ජීවත්වන පොරවල් වගේ මේ කෙල්ලෙක් ඒ ගොල්ලන්ගේ සිංදුව විකෟති කරා කියල පර සක්වල ගහනනේ නැත්තේ.

    ReplyDelete
  29. අනේ බොරු කියන්නේ මොකටද මට නම් මතක් වුණේම සිංහබාහු නාට්‍යෙය් සිංහයාව. ඇයි මේ ගෑණු දරුවා ප්‍රේමයේ සුවඳ ඕඩියන්ස් එකෙන් ඇදලා ගත්තෙ සිංහයාගෙ භූමිකාව සිහිපත් කරමින්.. මට ඒක අහලා ඉවර වෙනතුරු ම භයානක රසයයි ජුුගුප්සා රසයයි මිශ්‍ර වෙච්ච හැඟීමක් දැනුණේ.අසූව දශකයේ නන්දා මාලිනී-සුනිල් ආරියරත්න ඇතුළු පිරිසගේ හැසිරීමයි අද හැසිරීමයි කොහොම වෙතත් ඒ ගීය රසික ජනයා ප්‍රිය කරනවා.නිර්මාණය වුණ ගීයක් රසිකයන්ටත් අයිතියි.ඉතින් එහෙව් එකේ මේ වාගේ ගීත විකෘති කරනවාට වඩා තමුන්ගේම ගීතයක් කිව්වා නම් ඉවරයි.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.