Tuesday 23 August 2016

කේන්දර, නැකත් සහ හස්ත රේඛා සාස්තර - Was Nancy Regan a Sri Lankan?


පසුගිය සතියේ සිංහල බ්ලොග් අවකාශයේ වඩාත් ම අවධානයට ලක් වූ මාතෘකාව වූයේ හඳහන් බැලීම යැයි සිතමි. ඒ කතාබහ ඇතිවුණේ යාං හෑල්ල බ්ලොගයේ රචක සුරංග ඔහු ගේ පිටරට යෑමේ සිහිනය ගැන ලියූ ලිපියේ අතුරු සාකච්ඡාවක් ලෙසිනි.

කේන්දර පලාපල අදහන්නන් ගේ මතය වන්නේ ලංකාවෙන් පිට වී වෙනත් රටකට තාවකාලිකව හෝ යෑමට නම්, අදාළ ග්‍රහ යෝගය කේන්දරයට අනුව උදාවිය යුතු ම බවයි. එසේ සෙනසුරා හෝ කෙහෙතා හෝ මොකා හෝ උං ගේ සංකලනයක් හෝ අවශ්‍ය පරිදි කෙන්දරයේ පිහිටා නැති නම්, අයිඊඑල්ටීඑස් විභාගයේ දී බෑන්ඩ් නයින් ලැබූව ද, එසේත් නැතිනම් ටෝෆල් විභාගයේ දී ලකුණු 667 ක් ලැබූව ද, කොරියන් භාෂා විභාගය සමත් වූව ද, ඇමරිකන් වීසා ලොතරැයිය ඇදුන ද, කිසිදු ප්‍රයෝජනයක් නොවෙනු ඇත.

වෙනත් ආකාරයකට කියනවා නම්, අදාළ රට යෑමේ ග්‍රහ යෝගය කේන්දරයේ උදා වී නොමැති නම්, අයිඊඑල්ටීඑස් හෝ ටෝෆල් හෝ කොරියන් විභාගයෙන් හෝ සමත් වීමට නොහැක. ඇමරිකන් වීසා ලොතරැයියෙන් ද දිනුම හිමි නොවේ!

ඊයේ අසනීප නිවාඩු මත මගේ පාඩුවේ නිවසට වී සිටි මම, ක්‍ෂණිකව ඇතිවුණු අදහසක් මත මගේ දකුණු අත්ලේ ඡායාරූපයක් ෆේස්බුක් හි පළ කළෙමි. ඒ හස්ත රේඛා බලා පලාපල කියන හැටි ඉගෙන ගන්නා අයගේ ප්‍රයෝජනය පිණිස ය යනුවෙන් කෙටි සටහනක් ද සමගිනි.

මගේ පෝස්ටුවට කෙළින් ම ලැබුණු ප්‍රතිචාර ද, පුද්ගලිකව ලැබුණු පණිවිඩවලින් ද මට වැටහුණේ, හඳහන් ගැන ඇති උනන්දුවට සමාන උනන්දුවක් හස්ත රේඛා පලාපල කෙරෙහි ද ඇති බවයි. එසේම, හඳහන් ගැන කෙරෙන සරදම්වලට, උපහාසවලට සමාන සරදම් සහ උපහාස ද, හස්ත රේඛා බලා පලාපල කීම ගැන ඇති බව ද මට වැටහුණි.

නැකත් බැලීම පිළිබඳව ද අදහස් ඒ ආකාරයට ම එක් අන්තයක සිට අනෙක් අන්තය දක්වාම පැතිරී පවතී.

මේ සියල්ල පිළිබඳ මගේ අදහස මෙසේ ය.

මිනිස් සිත දුර්වල ය. අටලෝ දහම් චක්‍රය කැරකී දුක, අලාභ, අයස, නින්දා ලැබෙන විට ඒ දුර්වල සිත තවත් දුර්වල තත්වයකට පත් වේ.

ඒ දුර්වල වූ මිනිස් සිතට දෙවියන් පිළිබඳ මිථ්‍යා සංකල්පයෙන්, හඳහන්, නැකත්, හස්ත රේඛා පලාපල යනාදී විවිධාකාර ගුප්ත ශාස්ත්‍රවලින් මානසික සහන, උපකාර ලැබේ.

එපමණකි.

එසේම, ඒ දෙවියන් වැනි මිථ්‍යා විශ්වාස සහ ගුප්ත ශාස්ත්‍ර යනාදිය පවතින්නේ ලංකාවේ සහ පෙරදිග පමණක් නොවන බව ද කිව යුතුය. එක් උදාහරණයක් පමණක් සඳහන් කරනවා නම්, කලක් ලෝකයේ ලොක්කා වූ රොනල්ඩ් රේගන් ඇතැම් තීරණ ගත්තේ ඔහු ගේ බිරිඳ වූ නැන්සි රේගන් බැලූ පේන සහ ඇසූ සාස්තර අනුව බව පසුගිය කාලයේ අසන්නට ලැබුණි.

පෙර කී ආකාරයේ දුර්වල වූ සිතකට මානසික සහනය ලබා ගැනීම සඳහා දෙවියන් යැදීම, නැකත්, කේන්දර බැලීම යනාදියේ නිරත වීම කෙසේ වෙතත්, ඒ මිථ්‍යා විශ්වාස සහ ගුප්ත ශාස්ත්‍ර මත පදනම්ව ජීවිතය පිළිබඳ තීරණ ගැනීම නම් මහා අනුවණ කමක් බව මගේ අවංක අදහසයි.

මා නම් කිසි දිනක මගේ ජීවිතය පමණක් සම්බන්ධ කටයුතුවලදී සහ පිටරට යෑම, නිවාස සෑදීම වැනි අවස්ථාවලදී දෙවියන්, නැකත්, කේන්දර යනාදිය මත පදනම්ව තීරණ ගෙන නැත. අනාගතයේ එසේ කිරීමට තරම් මගේ සිත දුර්වල තත්වයකට ඇද වැටේ යැයි ද සිතිය නොහැක.

-රසිකොලොජිස්ට්

ප/ලි:
හැකි අයෙකු සිටී නම් ඉහත හස්ත රේඛා සටහන් බලා කරුණාකර මා මැරෙන වයස නිවැරදිව කියන්න.

එදින උදා වීමට පෙර නිම කළ යුතු වැඩ රාශියක් තිබේ!

101 comments:

  1. දේශාටන රේඛාව හොඳින් පිහිටා තිබේ. දකුණු අතේ වම් පැත්තේ පහළ කොනේ සිට ඇති චාපයයි.

    මැරෙන දවස හරියටම මෙහි ඇත. ඊට පෙර මිය යාමේ සම්භාවිතාව 50% පමණි.

    http://economatta.blogspot.com/2016/02/blog-post_10.html

    ReplyDelete
    Replies
    1. මැරෙන දවසෙ සොයන ක්‍රමයේ ශ්‍රිතය පොයිසොන් ප්‍රොසේස් එකක් නොවෙයි ද?

      Delete
  2. 55 පැන්නද තවමත් හස්ත කර්මන්තයේ යෙදී සිටින සලකුනු තිබේ.

    ReplyDelete
  3. මමත් සිටී මතය ඕක තමයි. දෙයක් ගැන සුළුවෙන් හෝ ඉගෙන ගන්නේ නැතිව ඒ දේ සමච්චලයට ලක් කිරීමම නූගත් කම ප්‍රදර්ශනය කිරීමක්. හඳහන විහිළිවක් නම් මෙඩිකල් රිපෝට් දිගා බලාගෙන ලෙඩ ගැන කීමත් තර්කානූකූලව විහිළුවක්. මොකෝ මෙඩිකල් රිපෝට් වරදින තැනුත් තියෙනවා නේ.

    ලංකාවේ ශෛල්‍ය වෛද්‍යවරු ඉන්නවා හාට් සර්ජරියක් අවශ්‍ය නූනත් හාට් සර්ජරියක් කරලා ගාන කඩා ගන්න. අන්න ඒ වගේ හඳහන් බැලිල්ලෙත් පොඩ්ඩක් ඉගෙන ගෙන අනාවැකි කියන්න ගිහින් නාගන්න උන් නිසා මේක විහිළුවක් වෙලා තියෙනවා. දැන් සම හරක් කියනවනේ හඳහන බලන්නේ මොකක් හරි කරදරයක් ආවා කිව්වාම කියලා. එහෙමම නෑ. ජොලියට බලන අයත් අනන්ත ඉන්නවා. එහෙම අයට මොකක් බලන්නද නෝනා මහත්තයා බඹරේ වැල්ලෙ උනත් කැරකැවෙනවා කියලා යවපු ක්ලය්න්ට්ස්ලා අනන්තවත් ඉන්නවා. මම මේ ගැන කතා කරන්නේ මම මේ ගැන අධ්‍යයනයක් හා පරීක්ෂණ සිඳු කරමින් ඉන්න නිසා.

    රසිකගේ අත අත බලා සාස්තර කියන්න පුළුවන් එළ බුවෙකුට පෙන්වන්න. ඔය අතේ ඔයාගේ හාට් සර්ජරි එක වගේම මැරිලා උපදින බවත් නියමටම පෙන්වනවා.

    අනෙක් ග්‍රරින් කාඩ් ලොතරැයිය දිනලා ඇමරිකා ගිහින් ආයෙත් මෙහේ ඇවිත් ඉන්න අයත්, රෙසිඩන්ස් වීසා තියෙද්දිත් මේහේ ඇවිත් ඉන්න අයත් ඕන තරම් ඉන්නවා. රසිකගේ තර්කයේදි මේ දේ අමතක කරනවා.

    දැන් විද්‍යඝ්නයෝ පස් වන බලවේගයක් ගැන කතා කරනවා. එතකොට ඒක මේ තාක් කවෘන් හෝ හංගලාද තිබුනේ. ඔය බලි තොවිල් වලින් උනත් කරන්නේ මනෝ වෛද්‍යවරුන් කරන දේ කියලා අද හොයාගෙන තියෙනවා.

    මම අභියෝග කරනවා ඔය ඉන්දික තොටවත්තයාට තියෙන දැණුම ලංකාවේ එක මනෝ වෛද්‍යවරයකුටවත් නෑ කියලා. ඒ වගේම වෛද්‍ය විද්‍යාව තුල මනෝ වෛද්‍ය විද්‍යාඥ්ඥයින් නතෙයි කියලා. ඔක්කොම මේ කොවුර්ගේ පොත කියවලා බයිලා ගහන උන්. මේ ළඟදි රූපවාහිනි සාකඡ්චාවකට ආව ඇමරිකාවේ ඉන්න ඩොකෙක්. ඌ ඉන්දික ගාව ඇඹරුනා. මේ බව ඕන නම් වෛද්‍ය රුවන් එම් ජයතුංග උනත් සහතික කරයි.

    ඕනම ක්ෂේශ්තෙයක් හොරුත් ඉන්නවා. සීරියස් ඔපරේෂන් වලට කලින් අත්සන් ගන්නේ ඇයි? ඒ කියන්න විජ්ජාවත් ෂුවර් නෑ කියන එක නේ. අනික විජ්ජාව කියන්නෙත් වෙනස් වන දෙයක්. කලකදි කියනවා පොල්තෙල් හොන්ද නෑ කියලා. ආයේ කියනවා පොල් තෙල් හොඳයි එළවළු තෙල් හොඳ නෑ කියලා.

    ඔය වර්තමාන තාරකා විද්‍යාඥ්ඥයෝ තාරුකාවල ගමන් මග හොයා ගන්න බොහෝ කාලෙකට කලින් ජෝතිෂ කාරයෝ ඒවා ඊටත් වඩා නිවැර්
    අදිව ගනනය කරලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. තවත් විශේෂම දෙයක්. මම කියනවා රසික කේන්දර වගේම හස්ත රේඛා විජ්ජාවත් පිලිගන්න දෙබිඩ්ඩෙක් කියලා. ලංකාවේ ඔක්කෝම එහෙමයි. ඒ නිසානේ මේවා ලියන්නේ. පිලිගන්නේ නැත්නම් නිකං ඉන්නකෝ. වැඩේ ඉවරනේ. මොකද රසිකගේ දරුවන්ටත් වේලපතකඩ හදලා නේ තියෙන්නේ. ඊට පස්සේ කියනවා අනේ මම නෙමෙයි ඕවා කරන්නේ අපේ අම්මනේ කියලා. ඕක තමයි අපේ අයගේ බොනිකර තරුව.

      Delete
    2. Please refer the No. 7 under the FACULTY OF HUMANITIES


      http://www.kln.ac.lk/diploma-certificate-courses/

      Delete
    3. බලාගෙන ගියාම මාතලනුත් තඩි බයියෙක්නෙ.

      Delete
    4. කෙනෙකුට පුළුවන් නම් තමන්ගෙ ශාස්ත්‍රය නිවැරදියි කියල පෙන්නන්න ඊට අදාල ක්‍රමවේදයක් තියනව. අඩු ගනනෙ හේතුවාදීන් ඉදිරිපත් කරල තියන අභියෝග ටික වත් පිලිගන්න සමත් "මොකක්හරිවේදියෙක්" මුතු ඇටේ ඇතුලෙ නෑ

      "ඔය වර්තමාන තාරකා විද්‍යාඥ්ඥයෝ තාරුකාවල ගමන් මග හොයා ගන්න බොහෝ කාලෙකට කලින් ජෝතිෂ කාරයෝ ඒවා ඊටත් වඩා නිවැර්
      අදිව ගනනය කරලා තියෙනවා."

      පළමුව, ගණනය කලාට වැඩක් නෑ ඉදිරිපත් කලේ නැත්තං. ඔප්පු කරන්න ඕන. අඩු ගානෙ සීයට අසූවක් පෙන්නල ඉන්න කියපං.
      දෙවනුව, පෘථිවිය වටේ අනිත් එවුන් යන බව අපූරුවට නිවැරදිව ඔප්පු කරල තියෙන්නෙ ඔය

      Delete
    5. මාතලන් ඇත්තටම ටොයි-බයියෙක් . ඒක පැහැදිලි වුනේ සික්කට හර්ෂ බැනපු සීන් එකෙන් මතුවූ කතිකාවෙන්.

      Delete
    6. මාතලන් බත් කන කටින් ගූත් කන්න එපා. ඔයා ටික කාලෙකට කලින් කිව්වා මතකයි කේන්දර කාරයො හොරු කියලා. ඒකෙදි ඉන්දිකගේ නමත් කියලා තිබුනා.

      අනිත් එක සුරංගයා උදව්වක් ඉල්ලගෙන ලියපු පෝස්ට් එක උඹ ගූ කරා. අන්තිමට ඒක විකාරයක් වෙලයි නැවතුනේ.

      Delete
    7. //මොකද රසිකගේ දරුවන්ටත් වේලපතකඩ හදලා නේ තියෙන්නේ.//
      කොහෙන්ද මෙව්වා ගත්තෙ... රසිකගෙ අම්මට කතාකරාද.... දැන් කියන්න එපා මම රසික කියලා.... තමන්ගෙ සාත්තරේ හරි කියන්න මාතලන්ට කරන්න තියෙන්නෙ අනාගත වාක්‍යක් කියන්න විතරයි...

      Delete
    8. රට දැය විනාස කරන රනිලට කඩේ යන නිසා මම හිතාගෙන හිටියේ මාතලන් පුතා විජාතික ජාත්‍යන්තර කුමන්ත්‍රණකාරයෙක් අවජාතිකයෙක් කියලා. බලාගෙන යනකොට මාතලන් පුතාත් මේ අපේම ජාතියෙ ජාතිකවාදී දේශප්‍රේමී ටොප් කොල්ලෙක් නෙවැ. අම්මපා දැනෙන තන්තෝසේ.

      ඇත්තම තමයි මාතලන් පුතේ ඉන්දික තොටවත්ත මැතිඳු කියන්නේ ඉරිසිවරයෙක්. දිව්‍ය ඥාණයෙන් එතුමා දන්න දේවල් විස්මය සහගතයි. අපේ බුද්ධිය අවදි කරවන සුළුයි.

      මීට, කුමාර දිප්පිටිය මයා
      ගරු ලේකම්,
      තරුණ බෞද්ධ සංගමය,
      කොතලාවලපුර
      රත්මලාන.

      Delete
    9. ඔතනදි මුලින්ම උත්සාහ කලේ ග්‍රහ පිහිටීම් අනුව මිනිස් චර්යාවන් පැහැදිලි කරන්න උත්සාහ කරපු ශාස්ත්‍රයක්. ඒක සාස්තර කියන අය සොයාගත් විද්‍යාවක් නෙවෙයි. ග්‍රහ තාරකා පිළිබඳ දැනීමක් ඇති උදවිය නිර්මාණය කරපු විද්‍යාවක්. ඒ කාලේ මිනිසුන්ට උත්තර නොතිබ්බ ප්‍රශ්න වෙන්න ඇති මේකෙන් පැහැදිලි කරගන්න හැදුවේ. නමුත් අනෙකුත් විද්‍යාවන් දියුණු වෙනකොට, ඒ විද්‍යාවන් මගින් මිනිසුන්ට පරීක්ෂණයට භාජනය කරලා ඔප්පු කරන්න පුළුවන් ක්‍රමවේද සකසලා දෙනකොට ජ්‍යෝතිෂ්‍යය ප්‍රශ්න කෙරුණා. ජ්‍යෝතිෂ්‍යයට ඒ වගේ ක්‍රමවේදයක් නැති නිසා ඒක විද්‍යාවක් විදිහට පිළිගැනීම ප්‍රතික්ෂේප කෙරුණා. දැන් ඉන්නේ අර ඉතුරු වෙච්ච විද්‍යාවේ එල්ලිලා ඉන්න පිරිසක් විතරයි.

      අපි හොරු ටික පොඩ්ඩකට අමතක කරමු. ලෝකයට ප්‍රයෝජනවත් දෙයක් කියපු එක ජ්‍යෝතිෂ්‍යඥයෙක් ඉන්නවද? වෛද්‍ය විද්‍යාවෙන් බෙහෙත් හොයාගෙන කලින් සුව කරන්න බැරුව තිබ්බ ලෙඩ සුව කරනකොට, ලෝකයට කිසිම ප්‍රයෝජනයක් ඇති දෙයක් ඔය සාස්තරකාරයෝ කියලා තියනවද? එක විනාශයක් වලක්ව ගන්න පුළුවන් දෙයක්.

      Delete
    10. දැන් මෙතන බ්ලොග් සටහන මාතලන් ගැනද..? වෙන දෙයක් ගැනද....?

      මාතෘකාවට අදාලව කතා කරලා තියෙන්නේ රාජ් විතරයි... රාජ්ට කියන්න තියෙන්නේ.. පුතේ ඒවා මේ වච්නයෙන් දෙකෙන් කියන්න පුළුවන් ඒවා නෙමෙයි.. ජෝතිෂයේ තියෙන දුර ප්‍රමාණය මීටර් වලට හරවගෙන ඒක ආලෝක වර්‍ෂ වලට ආදේශ කරලා බලන්න. එතකොට ඔයාටම පෙනෙයි..

      ඔය කැලණිය කැම්පස් එකේ ඕක ඩිප්ලෝමා එකක් විදියට උගන්වන අයගෙන් අහන්න.. එත්කොට කියලා දෙයි.. අනික ඉතින් තමන් ඉගෙන ගත් ශාස්තරේ එකෙක්වත් නොමිලේ දෙන්නේ නෑ නේ..

      Delete
    11. ඇයි මාතලන්ගෙ මාමණ්ඩි ප්‍රේමය මැරෙන වෙලාව කිව්වෙ... අම්මපා සුලුපටු සේවයක්ද....

      එහෙව් මනුස්සයට තමන්ගෙ දුව අමාරුවෙ වැටෙන එක වලක්වගන්න බැරුව ගියානෙ... හෙනහුරා නරකට හිටියම ඔහොම තමා....

      Delete
    12. @ තිසර

      ඔයා කියන්නේ ඔයා නොදන්න දෙයක්. සාත්තර කාරයෝ ගැන මම දන්නේ නෑ. නමුත් ඉගෙන ගනිමින් ඉන්න දේ ගැන කියන්නම්. ඔයා කොහොමද කියන්නේ මේක මේ කිසිම බේස් එකක් නැති දෙයක් කියලා. මේක තනිකර ග්‍රහළෝකවල පිහිටීම අනුව කියන දෙයක්. ඒ ග්‍රහ පිහිටීම් කැල්කියුලේෂන් එක නිවැරදි නිසා තමයි අද කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකකින් එම ග්‍රහ පිහිටීමම ලබා ගන්න පුළුවන්. අපේ තාත්තලා අම්මලා ඉපදෙන කොට කම්පියුටරෙන් නෙමෙයි නේ හඳහන් හදුවේ. එතන තියෙන්නේ තනිකර ගණිතමය හරඹයක්. ඒ නිසාමයි මම මේක ඉගෙන ගන්න පෙලබුනෙත්.. මම එච්චර ප්‍රොග්‍රමින් දන්නේ නැති නිසා මම හදා ගන්නේ එක්ස් එල් වලින්..

      මේකේ කරුමේ වෙලා තියෙන්නේ මේකෙන් කරන්න බැරි දේ කරන්න යාම. මම තාම කෙලවරකට ඉගෙන ගෙන නැති නිසා ඔය රට රටවලට හඳන් හදන එක මටත් විහිළුවක්. තව් දෙයක් තියෙනවා. ඉර හඳ තාරකා වලත් වෙනස් වීමක් තියෙනවා. ඒක විද්‍යාත්මකවත් ඔප්පු කරපු දේවල් නේ. ඒ නිසා ග්‍රහ මාරුවකිදි අනාගතේ බලලා හිත රිදවගන්නේ නැතිව. සතියේ හඳන බලලා හිත රිදව ගන්නේ නැතිව. මේක ඉගෙන ගන්න. තකොට තේරේවී මේක තමන්ගේ ජීවීතේ ගැන කියන අරුම පුදුම කැඩපතක් කියලා.

      ඊට පස්සේ ඒක බොරුවක් නම්, ඔන්න එන්න තර්ක කරන්න. එහෙම නැතිව නොදන්න දෙයක් ගැන තම තම නැන පමණින් කතා කරන එක විහිළුවක්.

      Delete
    13. /ලෝකයට ප්‍රයෝජනවත් දෙයක් කියපු එක ජ්‍යෝතිෂ්‍යඥයෙක් ඉන්නවද?/

      එක්කෙනෙක් නෙවෙයි, කීපදෙනෙක්ම ඉන්නවා.

      1. මාතලන්ගෙ මාමණ්ඩි (කියමන: "මාත් එක්ක එකට අඩියක් ගහන්න පුළුවන් එකෙකුට විතරයි මම දුව දෙන්නෙ")

      2. සුමනදාස අබේගුණවර්ධන (කියමන: "ජනාධිපතිතුමනි, ජනවාරි අට වැනිදා ග්‍රහචාරය අනුව ඔබ දිනනවා දිනනවා මයි")

      3. චතුෂ චතුර කුමාර (කියමන:"කන්‍යා ලග්න හිමියෙක්ට 2015 ජනවාරි මාසේ මැතිවරණයක් දිනන්න බැහැ.")

      4. ඉන්දික තොටවත්ත (කියමන: පිදෙල් ක්‍රස්තෝ 2015 මාර්තු 8 වැනිදා වන විට මිය යනවා")

      හතර දෙනාම සූරයෝ!

      Delete
    14. ලෝකයට ප්‍රයෝජනවත් දෙයක් කරපු එකෙක්වත් මේ රටේ ඉන්නවද...?

      ජොතිෂයත් මේ රටේ දෙයක් නෙමෙයි...

      Delete
    15. අනික් දේ තමයි බොහෝ දෙනෙක් රසික මෙතනින් බලාපොරිත්තු උන දේ තේරුම් නොගැනීම..

      පොර ඊයේ එක අතක සටහනක් බුකියේ දැම්මා.. එතකොට චානුක කිව්වා දෙකම දැම්මා නම් යමක් කියන්න පුළුවන් කියලා.. ඒ කියන්නේ එයා පට්ට ආසයි කවුරු හරි මේ දෙකම බලලා එයා ගැන කියනවට. මෙතන කොමෙන්ට් කොටන හැම එකාටම මේ ආශාව තියෙනවා. නමුත් තාම එකෙක්වත් ඒ බලාපොරොත්තු වෙච්චි දේ කරලා නෑ.. පව් බං උඹලත් මක්කා හරි කියපල්ලා.. බොරුවට හරි ... අපි නම් බුකියේ එයාගේ අත බලලා සාස්තර කිව්වා.. කාගේ උනත් දරුවෙක් නේ...

      Delete
    16. තමුන්ගෙ අනාගතය දැන ගන්න හැම කෙනෙකුටම පට්ට ආසාවක් තියෙනවා. ඒක ඇත්ත. ඒ ආසාව දැඩි නිසා සමහරු තක්කඩින්ට රැවටෙනවා. ඒකත් ඇත්ත.

      Delete
    17. මෙව්ව දැක්කම තමයි හිතෙන්නෙ හඳහන වත් බලාගන්න..

      Delete
    18. ඊයේ හවස් වරුවේ කීබෝඩ් එකක් නැතුව මොබයිලයෙන් පමණක් ජාල ගත වීමට සිදුවුණු නිසා (සෙනසුරු අපලේ හෝ රාහු කාලය!) මේ සාකච්ඡාවට එකතු වෙන්න බැරි වුණා.

      මගේ අදහස මෙහි කියා ඇති නිසා නැවත කිව වුතු නැති වුණත් මා දෙබිඩ්දෙකු නම් නොවේ. මා කියා ඇත්තේ මෙයයි.

      /* මා නම් කිසි දිනක මගේ ජීවිතය පමණක් සම්බන්ධ කටයුතුවලදී සහ පිටරට යෑම, නිවාස සෑදීම වැනි අවස්ථාවලදී දෙවියන්, නැකත්, කේන්දර යනාදිය මත පදනම්ව තීරණ ගෙන නැත. අනාගතයේ එසේ කිරීමට තරම් මගේ සිත දුර්වල තත්වයකට ඇද වැටේ යැයි ද සිතිය නොහැක. */

      විස්තර කියනවා නම්-

      විවාහයට පෝරුව චාරිත්‍රවලින් ගැලවීමට නොහැකි විය. එහි නැකතට වඩා සංස්කෘතිමය අගයක් ද ඇත.

      නිවසට ගෙවදින විට නැතක් නොබැලුවෙමි. බඩු රැගත් ලොරි බාගේ ආ මොහොත නැකත විය.

      දුව ඉපදුණු විට, මගේ ඔුංචි අම්මා කේනදරයක් සෑදූවාය. ඒ අපේ ඥාතිවරයෙකු වූ කුඩලිගම අමරවංශ නම් නාරාහේන්පිට පස්සලක සිටි අයෙකු ලවා ය. ඒ හදහනේ අපට හෝ දියණියට හෝ කිසිදු ප්‍රයෝජනයක් නැත.

      මෙල්බර්න් හි උපන් පුතාට හඳහනක් නැත.

      කුලී සහ අපේම නිවාස හයක වාසය කර ඇත්තෙමු. නැකත් බලා නැත. අප සෑදූ නිවාස දෙක සඳහා ද කිසදු නැකතක් බලා නැත. අලුත් අවුරුදු නැකත් අනුගමනය කර නැත.

      කාර්වල පඬුරු ගැට ගසා නැත.

      පහසු වේලාවට වැඩ කරමු!

      Delete
  4. නිතරම අත හෝදනවා නේද?

    ReplyDelete
    Replies
    1. - පරිඝණක ආශ්‍රිත රැකියාවක නිරත වේ.
      - හොඳින් හැඳ පැළඳ සිටීමට කැමැත්තක් දක්වයි.
      - පිරිසිඳුකම ගැන උනන්දුය.
      - වමත්කරුවෙකි.
      - අවිවාහකයි.

      Delete
    2. රසික ඔබගේ අත් වියලි බවින් යුක්ත සේ පෙනේ.....

      මෙය සිදුවන්නේ ශනිගේ මහ දසාවේ කුජ අතුරු දසාව ගෙවෙමින් පවතින බැවිනි.... ගිතෙල් මිශ්‍ර කිරිබතක් දෑතින්ම අනා හැම උදෑසනකම කපුටන්ට කෑමට දෙන්න (මැක්පයි කුරුල්ලන් කැපයි )....

      Delete
    3. මැක්පයි කුරුල්ලන්ට කන්න දෙන්න එපා. උන් කයි පනවා.

      මගේ යාලුවෙක් සාස්තර අහලා මළා.

      Delete
    4. ඔසී මැග්පයි..
      නොකයි..
      හැබැයි... බලාගෙන...
      කොටයි....


      මගේ යාළුවෙක් ශනි දසාව ගෙවෙද්දිම මළා....
      තව එකෙක් ශනි අපලෙට කේන්දරේ බලන්න ගිහිල්ලා එද්දි මළා...
      තව එකෙක් ශනි දසාව ගෙවෙන්න කියලා ගෙවල් උගස් කරලා හොරට ජපන් ගිහින් අහුවෙලා ගෙදර ඇවිල්ලා වහ බීලා මළා....
      තව එකෙක් ශනි අපලෙට විභාගෙ ෆේල් වෙලා වහ බීලා මළා....
      තව එකෙක් ශනි අපලෙට ගෙදරින් පිට දුර බෝඩිමක නැවතිලා ඉන්දෙද්දි ඩෙංගු හැදිලා මළා....

      මෙන්න ශනිගෙ වැඩ...




      Delete
    5. කේන්දර ගැන හිනාවීමට හෝ හෙලා දැකීමට ඒ පිලිබඳ දැනුමක් මට නැත. විස්වාස කිරීමට හේතුවක්ද නැත.
      කෙසේවෙතත් කිලෝමීටර් ලක්ෂ ගණනක් ඈතින් ඉන්න ග්‍රහයෙක් නිසා ලංකාවේ ඉන්නා අයකුගේ ආර්ථිකය විවාහය ඉගනීම ආදී දේවලට බලපෑමක්වන්නේ කුමන හේතුවක් නිසාද කියා කියාදිය හැකි අයෙකුට ස්තුතිවන්ත වෙමි. නිකම්ම හඳේ ගුරුත්වාකර්ෂනය නිසා වඩදිය, ඉරේ කිරණ නිසා හමේ රෝග ආදිය හැදේනම් සිකුරා අරකට සෙනසුරා මේකට බලනොපෑ හැක්කේ ඇයි කියනවාට වඩා ඒ ග්‍රහලෝකයේ කුමන විශේෂිත හේතුව හෝ ලක්ෂණය නිසා සිකුරා මේක කරනවා සෙනසුරා අරක කරනවා යයි කීවේනම් ඒ ගැන සිතිය හැක.
      සඳ නිසා වඩදිය හා ඉර නිසා ප්‍රභාසංස්ලේශනය හා ස්කින් කැන්සර් හැදෙන්නේ මොකක් නිසාද යන්න පැහැදිලිව පෙන්වාදී ඇත.
      සිකුරා , සෙනසුරා හා අනිත් ග්‍රහයන් ඒවාගේ මොනදේ මොන ස්වාභාවය නිසා මොන දේ කරනවාදැයි පැහැදිලි කරදෙන මෙන් කරුනාවෙන් ඉල්ලමි. මං එසේ නොවේ යයි තර්ක නොකරන අතර එසේ වෙන්නේ ඇයි කියා පමණක් අසමි

      (මෙය කේන්දර විස්වාස කරන අයට කරන අභියෝගයක් නොව මට කුඩා කල සිටම කොහෙත්ම තේරුම් ගත නොහැකිවූ කරුණක් ගැන විමසීමකි. හුඟක් අය වයසට යත්ම ඉබේම ඕවා විස්වාස කිරීමට ගන්න නමුත් මට එන්න එන්නම විශ්වාස කිරීමට අපහසු නිසා පැහැදිලි කර ගැනීමට අසමි)

      Delete
    6. ඔයාට මේක අපූරුවට පැහැදිලි කරලා දුන්නා එක්කෝ දකින්න නැතිව ඇති.. නැත්නම් දැක්කේ නෑ වගේ ඉන්නවා ඇති..

      Delete
    7. මට තේරෙන්නෙ නෑ බොස්, කේන්දරේ බලාගෙන එන්න වෙයි වගේ මේක තේරුම් ගන්න .මට පිහිටල නැතුව ඇති අවබෝධය :-D
      අවුට් ඔෆ් ජෝක්ස්.. මට ඇත්තටම තේරෙන්නෙ නෑ ඔබේ පැහැදිලි කිරීම. එහෙම නැත්නම් මගේ ප්‍රශ්නය ඔබට තේරෙන්නෙ නෑ. සමහරවිට ඔබ මේක කලින් තේරුම් කරල දීල තියන අය ඇහුවේ මං අහන සරල දෙය නෙමෙයි වෙන්න ඇති . ඒ නිසායි ඔබ ගැඹුරු පිලිතුරු දෙන්නේ.
      මං අහන්නේ ඉරේ විකිරණය නිසා හමේ පිලිකා හැදිය හැකි වගේ.
      සිකුරුගේ මොන ලක්ෂණයක් ස්වාභාවයක් නිසා කුමන ආකාරයට විවාහයට හෝ සෙනසුරුගේ මොකක මොකක් නිසා සෞඛ්‍යයට කොහොම බලපෑමක් වෙනවාද කියා කිව හැකිද යන්නයි. සෙනසුරු මෙහෙම කේන්දරේ තිබෙන නිසා මෙහෙම වෙනවා මේ අයට වෙලා තියනවා කියන එක නෙමෙයි. ඒ ගැන මට තර්ක කරන්න බෑ. මං දන්නෙ නෑ. මං අහන්නේ සෙනසුරු යනු ග්‍රහලෝකයේකේ තියන මොන දෙයක් නිසාද ඒ බලපෑම මෙහෙ ඉන්න මිනිහෙකුට වෙන්නේ කියා පමණයි. මෙය ප්‍රැක්ටිකල් ප්‍රශ්නයක් පමණයි

      Delete
    8. අපේ මාරයා අයියා කාලෙකට කලින් මේ ඔක්කෝම එකින් එක ලස්සනට පැහැදිළි කරලා දුන්නා. රාහු කියන්නෙ අස්සයෙක් පිට යන උස මිනිහෙක් කිව්වා. සෙනසුරු කියන්නෙ කම්මැලියෙක් කිව්වා. මහ ගොඩාක් දේවල් කිව්වා. දැන් උඹලා කිව්වෙ නෑ වගේ ආපහු අහනවා.

      Delete
    9. ප්‍රා මේ වගේ දේ ගැන උනන්දුවක් දක්වන නිසා සහ වැදගත් විදියට සංවාදයට ඒමත්. කෙලින්ම නොදන්නා බව කීමත් නිසා ආයේ කියලා දෙන්නම්.

      ප්‍රා කියන ඔය ඉර එලියෙන් කැන්සර් හැදෙන ඒවා සඳ නිසා වෙන බලපෑම් විද්‍යාඥ්ඥයෝ හොයා ගන්න කලින් මිනිස්සු උන්නේ දැන් ප්‍රා මංමුලා වෙලා ඉන්න තත්වෙම නේද? ඒත් ඒ කියලා ඒක හොයා ගන්න කලිනුත් ඒවයේ බලය එහෙමම තිබුනා. එතකොට දැන් විද්‍යාඥයෝ හොයනවා "පස්වන" බලවේගයක් ගැන. ඔය ග්‍රහ ලෝක සයන්ටිස්ට්ලා ටෙලස්කෝප් වලින් බලලා හොයා ගන්න කලින් ජෝතිෂය ඒවා හොයාගෙන තිබුනා. ඉතින් කවදා හරි විද්‍යාවෙන් හොයා ගත්තාම මිනිස්සු ඒ දේවල් විශ්වාස කරාවී. දෙයක් විද්‍යාවෙ තහවුරු උනේ නෑ කියලා ඒ දේවල් නතෙයි කියන්න බෑ නේ.. ඉස්සර හොයාගෙන තිබුනේ පරමාණුව විතරයි දැන් ඒකෙත් කොටස් තියෙනවා කියනවා. එකම සංසිද්ධියක් නිසා බිහිවන ජීවිත එක එක හැඩ ගන්නේ ඇයි. මිනිසුන් විවිධාකාර වන්නේ ඇයි. එක අම්මගේ තාත්තගෙ දරුවෝ වෙනස් වෙනස් ගති ලක්ෂන පෙන්වන්නේ ඇයි. ඔන්න ඔය දේවලුත් පොඩ්ඩක් කල්පනා කරන්න. එකම පවුලේ කෙනෙකුට රජෙක් වගේ ඉන්නත්. කෙනෙක් උන්න තත්වයෙන් පහත වැටෙන්නත් හේතුව මොකක්ද? ඕන් ඔය වගේ දේවලුත් පොඩ්ඩක් කල්පනා කරන්න.

      කෙනෙක් කියයි කරුමය කියලා. ඒක ඇත්තද නැත්තද කියන්න මම දන්නේ නෑ. ඒක මම පිලිගන්නෙත් නෑ. ඒත් හඳහන් පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස්. ඒක ඉගෙන ගන්න කොට හොඳටම තේරෙනවා ඒක පුදගල ජීවිතය ගැන කියන අපූරු කැඩපතක් කියලා. ඒකේ තියෙන්නේ අපූරූ ගණිතමය ගැටළුවක්.. ඒක පරතෙරටම ඉගෙන ගන්න එක ලේසී නෑ.

      සිකුරුගේ සෙනසුරුගේ බලයක් ගැන හොයාගෙන නැති නිසා හරි අපි ඒක එහෙම නැතෙයි කියමු. නමුත් හඳනේ යම් කිසි තැනක සිකුරු ඉන්නවා. ඒක එක කෙනාගේ වෙනස් විදියක්.

      එතකොට පොදු පිලිගැනීමක් තියෙනවා සිකුරු ලැබුවාම මල් හතයි කියලා. සෙනසුරු ලැබුවාම බඩුම තමයි කියලා. මේ දෙකම බොරු ඒක බලපාන්නේ පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස්ව. කෙනෙකුට සිකුරු මහා දේ නොදෙන්නත් පුළුවන්. ඒ වගේම සෙනසුරු එල එලව දෙන්නත් පුළුවන්.

      අනික් බොරුව තමයි රාජ යෝගය. මේ ගුලිය කරුත් කෑවා. රාජ යෝගය තිබුනා කියලා රටේ රජ්ජුරුවෝ වෙන්න බෑ.. ඊට අමතරව යෝග තියෙනවා. මේක මහා සංකීර්ණ සබ්ජෙක්ට් එකක්. නමුත් ෆෝමියුලා වලින් එක තැනකට ගන්න පුළුවන්. මම මේක ඉගෙන ගන්නේ වෙන මොකටවත් නෙමෙයි. මාමන්ඩිගේ පොතේ තියෙන මැරෙන දවස පැත්තක තිබ්බත් අඩුම ගානේ ඒ ළඟටවත් ඉගෙන ගන්න.

      Delete
    10. එකක් පැහැදිලියි... මාතයට මේක බොරුවක් නෙවෙයි කියල ඔප්පු කරන්න බෑ....

      Delete
    11. අපෝ වැඩක් නෑ මාතලන්. අපේ මාරයා අයියාගෙන් ඇහුව නම් නිල් වෙලා යන උත්තරයක් දෙනවා මේ ප්‍රශ්නෙට. අපේ මාරයා අයියා ඕ ලෙවල් ගණන් පාස් වුණෙත් ද්ඩ ට්‍රයි එකක් දීලා. හැබැයි ජෝතිෂ ගණන් නම් හදන්න දන්නවා අකුරට. පංචාංග ලිත දන්නවා කට පාඩමින්.

      Delete
    12. හැම දේම විභාග වලින් මනින රටක මාරයගේ ටැලන්ට් එක ප්‍රශ්නයක් වෙන එක පුදුමයක් නෙමෙයි... අපේ ලොකු හාමුදුරුවෝ හඳහන් බලන්නේ පැන්සලක් පෑනක් කොලකෑල්ලක් කැල්කියුලේටරයක් මක්කත් නැතිව..

      Delete
    13. මගේ අත් සාමාන්‍යයෙන් වියලි නැත. මේ දිනවල උදේ පාන්දර උෂ්ණත්වය අංශක දහයට අඩුය. ඊයේ උදේ හයාමාරට නිවසින් පිටත් වුණු වේලේ උෂ්ණත් වය අංශක හයකි.

      මා අත් මේස් (ග්ලවුස්) නොදමන නිසා, සීතල වතුරෙන් අතින් රෙදි සෝදන විට වෙනවාක් මෙන් අල්ල සහ ඇඟිලි තුඩු හැකිලේ!

      Delete
    14. අනිත් කරුණු පැහැදිලි නමුත් තිසර මා අවිවාහකයි කියා ඇත්තේ ඇයි? සාස්තර බොරු බව පෙන්වන්නද?

      Delete
    15. මුද්දක් නැති නිසා :)

      Delete
    16. මගුල් මුද්ද ඒ කාලේම හොරු ගත්තා. දැන් ඇත්තේ පරම්පරා නවරත්න මුද්ද විතරයි!

      Delete
    17. මට රාජ යෝගයක් හෙම තියනවද කියල බලා ගන්න තැනක් නැත්ද ?

      Delete
  5. අත් දෙක ටිකක් පොඩිවෙලා වගෙයි. නරකද ඉස්තිරික්ක පාරක් දාලම ෆොටෝ එකක් ගත්තනං.

    ReplyDelete
    Replies
    1. ඊයේ උදේ හයාමාරට නිවසින් පිටත් වුණු වේලේ උෂ්ණත් වය අංශක හයකි.

      මා අත් මේස් (ග්ලවුස්) නොදමන නිසා, සීතල වතුරෙන් අතින් රෙදි සෝදන විට වෙනවාක් මෙන් අල්ල සහ ඇඟිලි තුඩු හැකිලේ!

      Delete
  6. 'ප/ලි:
    හැකි අයෙකු සිටී නම් ඉහත හස්ත රේඛා සටහන් බලා කරුණාකර මා මැරෙන වයස නිවැරදිව කියන්න.'

    කකාගේ, කකාගේ බිරිඳගේ, ළමයිගේ උපන් දින,වේලාවන්, උපන් නගරය නිවැරදිව ලබා දෙනවා නං කකාගේ මරණය සිදුවෙන කාලය කියන්නම්.

    ReplyDelete
  7. හිත දුර්වල වුන ගමන් අල්ලේ රේඛා ජ්‍යොතිෂය වගේ මනස්ගාත ඔලුවට ගන්නව. එහෙම නොවී ඉන්නත් හොඳ මොරාල් එකක් තියෙන්න ඕන. මම ලිව්ව මේකත් ටිකක් සමාන කතන්දරයක්.

    ReplyDelete
    Replies
    1. මම දැන් බස්සිගේ අත බලලා අතිශය පෞද්ගලික දෙයක් බස්සිට කිව්වා.. ඒ කියන්නේ කිසි කෙනෙකුට හිතන්නවත් බැරි දෙයක්.. බස්සිගෙන් අහන්න ඒක බොරුද කියලා..

      Delete
    2. බස්සිට කීයක් දුන්නද.... නිකමට අහන්නෙ දැන් සුද්දො අඩුද බ්ලොග් එකේ මේ කේන්දර විකුනන් කන්න හදන්නෙ....

      Delete
    3. මටත් කියපං එහෙම පිලිගන්න පුළුවන් දේවල් ටිකක්(දැං දන්න දේවල් බෑ, මම රසිකට කිව්ව වගේ). උපන් වෙලාව එවන්නං. උඹට කියන්න පුළුවන් නං මම පිලිගන්නං

      Delete
    4. හා හා හොරා කොහේදිද බස්සිගෙ අත බැලුවේ...?

      Delete
    5. @ රාජ්

      බලන්න එපා බං.... ඕක පුච්චලා දාපන්...

      හොඳම වැඩේ හඳහන් තියෙනවා නම්.. ඉන්ටනෙට් එකෙන් තමන්ම බලා ගන්න එක.. ඒ තරමෙ වත් දැණුමක් හඳහන් ගැන නැත්නම් ඒක විවේචනය කරන්න එපා..

      Delete
    6. අපේ මාරයා අයියා නම් රුපියල් 600 ක් ගන්නවා හඳහනකට. ස්කයිප් මඟින් බලලා දෙනවා. විශේෂ ප්‍රශ්නයකට තව රුපියල් 200 ගන්නවා. මාතලන් වගේ බෑ බෑ ඉන්ටර්නෙට් වලින් බලා ගනින් කියලා කියන්නෙ නෑ. අන්න ජනහිතකාමී මිනිස්සු.

      Delete
    7. /*
      මේ සියල්ල පිළිබඳ මගේ අදහස මෙසේ ය.

      මිනිස් සිත දුර්වල ය. අටලෝ දහම් චක්‍රය කැරකී දුක, අලාභ, අයස, නින්දා ලැබෙන විට ඒ දුර්වල සිත තවත් දුර්වල තත්වයකට පත් වේ.

      ඒ දුර්වල වූ මිනිස් සිතට දෙවියන් පිළිබඳ මිථ්‍යා සංකල්පයෙන්, හඳහන්, නැකත්, හස්ත රේඛා පලාපල යනාදී විවිධාකාර ගුප්ත ශාස්ත්‍රවලින් මානසික සහන, උපකාර ලැබේ.

      එපමණකි.
      */

      Delete
  8. එනිවේ, අත ගැන ටක්කෙටම සාත්තරේ කිව්ව බුකියෙදි!

    ReplyDelete
    Replies
    1. මෙන්න ඒ විස්තරය-

      Mourya Raj
      උගත් බුද්ධිමත් පුද්ගලයෙක්
      ඉංජිනේරු වෛද්‍ය වෘත්තීන් 'ලඟයි'.
      විදෙස්ගතවීමේ වාසනාව තියනව.
      ලේඛනයට ලැදියි.සම්මාන පවා ගන්න පුළුවන්
      ශල්‍යකර්මයකට භාජනනය වෙනව.
      දරුවන් දෙන්නෙක් පෙන්නුම් කරනව.
      ශරීරයේ ක්‍රියාකාරීත්වය නතරවීම නිසා මියයනව.
      (තව ඕනද? :-) )

      Delete
  9. අත බලා ටක්කෙටම හරියන එකක් මෙන්න....

    ලබන මස තුල ප්‍රිය සම්භාශණ වලට සහභාගී වීමට සිදුවේ... නිරිත දෙසට ගුවන් ගමනක් නියමිතයි... නිවසින් පිට දිනක් හෝ කල් ගෙවීමට සිදුවේ.....

    මෙය වැරදුනොත් මම අනිවා වෙඩි තියාගන්නවා... අම්මපා.....

    ReplyDelete
    Replies
    1. ඉතින් යකෝ බලා ගනින්කෝ තව මාසෙකින් විතර උඹට වෙඩිතියාගන්න වෙනවද කියලත්...

      Delete
    2. නැති නිසා තමා බං කිව්වෙ... අහපන් රසිකගෙන් මේක බොරුද කියලා....

      Delete
    3. මේ ඇනෝ නම් කවුද කියා හිතා ගත්තෑකි.
      (හැකි වුනොත් හමුවෙමු, හැබැයි මාර බිසි ෂෙඩූල් එකක් තියෙන්නේ!)

      Delete
  10. පාම් රීඩින් නොදනිමි. පාම් ටොඩී ටිකක් දනිමි

    ReplyDelete
  11. මාතලන්ගෙ මාමණ්ඩි ජ්‍යෝතිෂය දැන හිටියා වෙන්න බෑ. දැනගෙන හිටිය නම් ..... නෑ, එක්කෝ ඕනැ නෑ ඒවා.

    ReplyDelete
  12. මැරෙන දවස කියන්න නම් අමාරුයි, හැබැයි රසිකට ආයුෂ තියෙන්නෙ අවුරුදු 56 ට අඩුවෙන්.

    ReplyDelete
    Replies
    1. කමක් නෑ!
      ඕපු කියා සිතා ගත්තා.
      තව කල් තියෙනවා නේ!

      Delete
  13. 2016 න් පසුව මොකද වෙන්නේ ? බාබා වැන්ගාගේ අනාවැකි

    2016 - 2017 : මුස්‌ලිම්වරු යුරෝපය ආක්‍රමණය කරනවා. එය සම්පුර්ණයෙන්ම හිස්‌වෙනවා. අත්හැර දැමූ භූමියක්‌ බවට පත්වෙනවා. සියලු ප්‍රාණීන්ට එම මහාද්වීපය ජීවත් වීමට අහිතකර වී යනවා.


    2023 : පෘථිවියේ කක්‌ෂය වෙනස්‌ වෙනවා. (කිසිවකුට තවමත් මෙය සිදුවන ආකාරය තේරුම් ගත නොහැකි යි.

    2025 : යුරෝපයේ ජනගහනය 'ශුන්‍ය' බවට පත් වෙනවා.

    2028 : මානව වර්ගයා නව ශක්‌ති ප්‍රභව සොයාගෙන 'සිකුරු ග්‍රහයා' වෙතට පිටත් වෙනවා.

    2033 : ධ්‍රැවාසන්න ප්‍රදේශ වල අයිස්‌ දියවීම නිසා පෘථිවියේ ජල මට්‌ටම තවත් ඉහළ යනු ඇත. (මෙය දැනටමත් ආරම්භ වී ඇත)

    2043 : යුරෝපය සම්පුර්ණයෙන් ම මුස්‌ලිම් රාජ්‍යයක්‌ බවට පත් වේ. රෝමය අගනුවර වශයෙන් නම් කරයි. ලෝක ආර්ථිකය මුස්‌ලිම්වරුන් අතට පත් වේ.

    2066 : රෝමය නැවත අත්පත් කරගන්නා අදහසින් සහ නැවත ක්‍රිස්‌තියානිකරණය කරන අදහසින් යුතුව, ඇමරිකානු භූමියෙන් ප්‍රථම වරට දේශගුණය පාලනය කළ හැකි අවියක්‌ භාවිතා කරනු ලබයි.

    2076 : කොමියුනිස්‌ට්‌වාදය යුරෝපය ඇතුළු ලොව පුරා නැවත පැතිරී යයි.

    http://www.divaina.com/2016/08/21/feature14.html

    ReplyDelete
    Replies
    1. බබා වැන්ගා සුනාමිය ගැන කියපු අනාවැකිය හරි..

      නමුත් එයා අනාවැකි කියන්නේ ජෝතිෂයෙන් නෙමෙයි...

      මම දැනට ඉගෙන ගත් දේ අනුව නම් කියන්න තියෙන්නේ ජෝතිෂයෙන් මේ වගේ දේ කියන්න බෑ කියන එකයි... එකයි ජෝතිෂ කාරයෝ ඇදගෙන නාන්නේ..

      Delete
    2. බබා වැන්ගා කියන්නේ මාතලන්ගේ හෝ බිරිඳගේ නෑයෙක්ද?

      Delete
    3. අපේ ආච්චි කෙනෙක් වෙනවා...

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. බබා වැන්ගාට අනුව 2016 වන විට සිදුවන අනාවැකි;
      (බබා වැන්ගා යනු 1911 ඉපිද 1996 මිය ගිය, බල්ගේරියාවේ ප්‍රසිද්ධ පේන කියන්නියකි. ඇයට අනුව ලෝකය අවසානය වන්නේ 3797දී වන අතර, ඒ දක්වා විවිධ අනාගත වාක්‍යන් විශාල ප්‍රමාණයක් ඇය ප්‍රකාශකර ඇත https://de.wikipedia.org/wiki/Baba_Wanga )

      1) ප්‍රධාන රටවල් 4ක නායකයන් ඝාතනය 3වෙනි ලෝක යුද්ධයේ ආරම්භය
      2) 3වෙනි ලෝක යුද්ධය 2010 නොවැම්බර් ආරම්භ වන අතර, 2014 ඔක්තෝබර් නිමවේ. මෙය පළමුව සාමන්‍ය යුද්ධයක් ලෙස ඇරඹී, න්‍යෂ්ඨික හා රසායනික යුද්ධයක් බවට පත්වේ.
      3)උතුරු අර්ධ ගෝලයේ විකිරණ වර්ෂාවකින් සත්තු සහ මිනිස්සු මිය යනු ඇත
      4)මුස්ලිම් ජනයා යුරෝපයට/නේටෝවට එරෙහිව රසායනික යුද්ධයක් 2013දී අරඹනු ඇති.
      5)2016 යුරෝපය සම්පූර්ණයෙන් පාහේ හිස්වනු ඇති.
      (http://www.alamongordo.com/the-forgotten-baba-vanga-prophecies-about-world-war-iii/)

      ඇයගේ මෙම පුරෝකථන සියල්ල වැරදිය. නමුත්, ඇයගේ අනුගාමිකයින් මේ සියල්ල සත්‍යබව ප්‍රකාශ කරමින් වර්තමානය ගලපති.
      1) හමාස් නායකයා, පෝලන්ත නායකයා, ගඩාෆි සහ සදාම් ඝාතනයවූ නායකයන් ලෙස කියති. මෙය විහිළු කථාවකි, මේ නායකයන් කිසිවෙක් ලොව ප්‍රබල රටවල්වලට අයත් නොවේ.
      2)2010 ඇතිවූ 3වෙනි ලෝක යුද්ධය අරාබි වසන්තය යැයි කියති. මෙයත් විහිළු කතාවකි,අරාබි වසන්තය යනු අභ්‍යන්තර අරගල මිස ලෝක යුද්ධ නොවේ. ලෝක යුද්ධ යනු ලෝකය දෙපිලට බෙදී යුද්ධ කිරීමයි.
      3) විකිරණ වර්ෂාව ෆුකුෂිමාවට සමාන කරයි, නමුත් කියා තිබෙන ආකාරයට එය radioactive showers ලෙස හඳුන්වයි
      4,5)දැන් 2016 අගෝස්තුවයි, යුරෝපය හිස්ද ?
      මටනම් කියන්නට ඇත්තේ මෙවැනි හිස් මිනිසුන්ගේ ප්‍රලාප පසුපස ගොස් වටිනා කාලය විනාශ නොකරගන්නා ලෙසටයි.

      සැ.‍යු
      ***බබා වැන්ගා අනාවැකි කියන්නේ ජෝතිෂයෙන් නෙවෙයි***

      Delete
    6. ඇයි 2012 දී ලෝකය විනාශ වෙනවා කියලා කේ ඥාණානන්ද පවා දෙසුවා නේද?

      https://youtu.be/MID5tIm-dic>

      විනෝද සමය නොවේ!

      Delete
    7. මුස්ලිම් ජනතාව යුරෝපය ඇල්ලීම කෙසේවෙතත්, ෆොසිල ඉන්ධන අවසන් වෙද්දී වෙනත් බලශක්ති ප්‍රභවයන් භාවිතයට එද්දී මුස්ලිම්වරුන්ගේ වඳවීම ආරම්බහ වනු ඇත.

      Delete
    8. ඉවාන් පවුලූශා කියන්නේ බබා වැන්ගා ගේ මුණුපුරා ද මන්දා? යුරෝපියානු සම්බන්ධයක් ඇති!

      Delete
  14. මෙයාගෙ ජෝතිෂ්‍ය ලිපි ෆලෝ කලොත් සමහර ප්‍රශ්නවලට උත්තර ලැබේවි.
    http://sinduwagemiyasiya.blogspot.com/2016/08/blog-post_20.html

    ReplyDelete
  15. ඔය රසිකගෙ අත්ලද ? රේඛා මැකිලා වගේ

    ReplyDelete
    Replies
    1. කොහොමත් රසිකගේ ඒ වැඩේ ස්ට්‍රෝන්ග් නෑ... ඊයේ අපි එයාට සාස්තර කිව්වා බුකියේ...

      Delete
    2. මිතුරෙකු කියු ලෙසට රේඛා විටින් විට මැකී, ඇඳී වෙනස් වේ!

      Delete
  16. http://undsci.berkeley.edu/article/astrology_checklist

    "Astrology is not a very scientific way to answer questions. Although astrologers seek to explain the natural world, they don't usually attempt to critically evaluate whether those explanations are valid — and this is a key part of science. The community of scientists evaluates its ideas against evidence from the natural world and rejects or modifies those ideas when evidence doesn't support them. Astrologers do not take the same critical perspective on their own astrological ideas."

    ReplyDelete
    Replies
    1. ජ්‍යෝතිෂය සියවස් ගණනාවක පරීක්‍ෂණයක් මගින් ඔප්පු කිරීමට හෝ නිෂ්ප්‍රභා කිරීමට හැකි වේවි!

      Delete
  17. ජෝතිෂය කියන්නෙ,මොලේ කචල් වෙලා යන එන මං නැතිව ඉන්න අයට,හොඳ විෂයයක්.

    ReplyDelete
    Replies
    1. හොඳ විනෝදාංශයක් කර ගත හැකියි. අද ලංකාවේ නම් ගරානා ව්‍යාපාරයක් ද ආරම්භ කළ හැකියි!

      Delete
  18. කෝ මේ රසිකයා....

    ReplyDelete
  19. මම අහලා තියෙන විධියට පෘථීවිය ගෝලාකාරබව, සූර්‍යා වටා පරිභ්‍රමණය, අනෙකුත් ග්‍රහ වස්තූන් හා තාරකා පිලිබඳ දැනුම යුරෝපයට පැමිණ ඇත්තේ ආසියාවෙන්, විශේෂයෙන් ඉන්දියාවෙන්. මෙම දැනුම වසර දහස් ගණනකට පෙර පටන් පැවත එන්නක්. නවීන තාක්ෂණය නොතිබූ, මානව දැනුම ඉතා අල්ප ඒ යුගයේ මෙම දේවල් සාමාන්‍ය මිනිසෙකුගේ මනසට ගෝචර නොවන්නක්. මෙම දැනුම මනස දියුණු කළ සෘෂිවරුන්ට ප්‍රත්‍යක්ෂ, එහෙත් සාමාන්‍ය පෘථග්ජනයන්ට ඉන්ද්‍රිය ගෝචර නොවන්නක් බවයි පැවසෙන්නෙ. මෙම දැනුම යුරෝපයට පැමිණි පසු, එම ප්‍රත්‍යක්ෂ, ඉන්ද්‍රිය ගෝචර සාක්ෂි මගින් සනාත කිරීමට යුරෝපීය විද්වතුන් උත්සාහ කළා. ඒ අනුවයි ග්‍රීක පයිතගරස්ගේ සිට, ඉතාලි ගැලීලියෝ, පෝලන්ත කොපර්නිකස් ඉංග්‍රීසි නිව්ටන් දක්වා මෙය විහිද යන්නේ. නවීන විද්‍යාව යනු ඉන්ද්‍රිය ගෝචර සාක්ෂි මත පදනම්ව ගොඩ නැගෙන්නක්. ඉන්ද්‍රිය ගෝචර නොවන දේ, උපකරණ මගින් ඉන්ද්‍රිය ගෝචරකර සනාථ කරනතුරු, එය විද්‍යාත්මකව පිලි ගන්නෙ නෑ. නමුත්, එය විද්‍යාත්මකව පිලිගත්තා හෝ නොගත්තා, එය පවතිනවා. එම නිසා මෙම කරුණු විවෘත මනසින් බැලිය යුතුයි. ජෝතිෂය වුණත් ගොඩනගා ඇත්තේ සෘෂිවරුන්ට ප්‍රත්‍යක්ෂ දැනුමෙන් බවයි පැවසෙන්නෙ. ඒ නිසා මෙය කොතරම් දුරට ඉන්ද්‍රිය ගෝචරදැයි මම දන්නේ නෑ.දෙයක් නොදන්නා පමණින්, එය විවේචනය කිරීම හෝ, මිථ්‍යා මත යැයි පැවසීම කොතෙක් දුරට සාධාරණද ?

    ReplyDelete
    Replies
    1. මිථ්‍යා යන්නෙන් මා අදහස් කරන්නේ ඔප්පු කළ නොහැකි යන්නයි. උදා දෙවියන්.

      ජ්‍යෝතිෂය සියවස් ගණනාවක පරීක්‍ෂණයක් මගින් ඔප්පු කිරීමට හෝ නිෂ්ප්‍රභා කිරීමට හෝ හැකි වේවි!

      Delete
  20. I think lord buddha has explained why thongs happend to us by explaining th niyama dhamma. Is there a niyama that explains astrology. If u say things happpen due to th movent of starts or graha what is the accuracy of th same if ur birth time is not recodered properly. People who hav weak minds expect explanation for our life events by refereing starts. If one hav a deep understandi g of buddhism they would go by th pancha niyama dhamma

    ReplyDelete
    Replies
    1. බුදුන් උපතේදීම සඳහන් වන දේ බොරු විය නොහැක. පස් මහ බැලුම් අතර, "කාළය" යන්නද අයත්ය.. එපමණක් නොව කුලයද අයත්ය. මා දන්නා තරමින් බුදු දහමේ ජෝතිෂයද අන්තර්ගතය. ජෝතිෂය ලංකාවට පැමිනෙන්න ඇත්තේද මිහිඳු මහ රහතන් වහන්සේ සමඟ මෙයි පැමිනි අට අනූවක් ශිල්පීන් සමඟ විය හැක. පිරිවෙන් අධ්‍යාපනය තුලද ජෝතිෂය ඉගැන්වෙයි. අදද බුදුන් පෙරහරේ වඩින්නේ නැකතකට අනුවය.

      කියන්නා කෙසේ කීවද අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය.

      බුද්ධාගම තේරෙන්නේ බුද්ධිමත් අයට හා බුද්ධිමත් අය හඳන් විශ්වාස නොකරන්නේය යන්න සඉකෝසියාවකි.. එමෙන්ම බුද්ධිමය ස්වයං වින්දනයේ යෙදීමකි..

      එය යමකට සමාන කරන්නේ නම් ඉයන්ගේ ගීත රැල්ල තුල සුභාවිත ගීත තෝරනවා වැනිය.. දෙකක් දාගත්තාම ගහන්නේ බයිලාය..

      Delete
    2. නියාම ධම්ම ගැන වැඩි දෙනෙකු දන්නේ නෑ. කරුමේ කියා විතරයි සිතන්නේ!

      Delete
    3. පස් මහ බැලුම් හි කාලය කියන්නේ දහම අසා අවබෝධ කර ගැනීමට තරම් දියුණු වූ ශිෂ්ඨාචාරක් තිබේ ද යන්නයි.

      කුලය යනු පියා ගේ රැකියාව ය.

      Delete
    4. මාතලන්ගේ බුද්ධි පරිමාණය මේ බුදුන් පිළිසිඳගැනීමට නැකත් බැළුවා කියන එකෙන් නියමෙට පේනවා.... මචන් මාතලන් උඹේ හතරවැන්නෙ නීච ගුරු එක්ක ශනි එකට නේද.... නැත්නම් කාල සර්පයෝගෙ නේද....

      Delete
  21. JVP ayata mama kiyanaw menna me blog post eka kiyawanna kiyala... meka thama marketing kiyanne ... kohomda nagala yana apuruwa..

    meka thama Jeppanta naththe...

    ReplyDelete
    Replies
    1. ජෙවීපීකාරයෝ පොපියුලර් පොලිටික්ස් කරන්න පටන් ගත්තා නේද සුනිල් පෙරේරා සහ දිල්හානී අශෝකමාලා හෙම එකතු කරන්?

      Delete
  22. අද නම් රසිකට ජය මගුල් වගේ... කොමෙන්ට් වැහි වැහැලා.... නිකන් සඳු සිකුරු එකවර බැල්ම හෙලලා වගේ.... කවුද ඉතින් මේ සාත්තරේ වැරදිය කියන්නෙ... ඔය හරි ගිහින් තියෙන්නෙ අපූරුවට...

    ReplyDelete
    Replies
    1. ඇනෝ හරිම කාර්යබහුල වුනා නේද?
      කමෙන්ටුම කීයක් නම් දැම්මා ද?

      Delete
  23. ehema thama marketing kiyanne rasikage bog kiyawanna epa wegena awa mata nam..ethakotama damme nadda thurumpuwak.... oya yanne nagala..

    ReplyDelete
    Replies
    1. අනවශ්‍ය දේ කියවන්න කාලේ නාස්ති කරන්නෙපා.

      Delete
  24. මගේ අත්ලත් රසිකගේ මුහුණු පොත් සාකච්චාවේ දැම්මා. කෝ කවුරුත් අනාවැකි කිව්වේ නැහැනේ. දැන් බ්ලොග් පොස්ට් එකක් ලියන්නයි ඉන්නේ ඒ සම්බන්ධව..

    ReplyDelete
    Replies
    1. අල්ලේ රේඛා දැකලා බය වෙන්නැති.

      Delete
  25. මම අත බලල සිය වෙනි එක කෙටුවා..

    මේ ලෝකෝත්තර අයියාල, නිතිඥවරු, හීනි කෙට්ටි කැනබාරා ගොයියන්, මැදමුලන රාජාලා පවසන දේවල් වල යම් ඇත්තක් ඇත. මොකද හැමදේම පාථිවි වාසින්ට ගැලපෙන ලෙස සකස් කරමින් පැමෙණන අප තාමත් හුජ්ජ කොල්ලන්ය.. මේවා ගැන ටක්කෙටම කීමට තරම් අපගේ තාක්ෂණය පවා තියුණූ වී නැත... එහෙත් මේ මල විකාර ජොතිස්සයෝ ගැන නං විශ්වාසයක් නැතත්, ලයිට් ඉයර් බිලියන වලින් ඈතින් ඉන්නා තරු ගැනත්, ඒවායේ බලයන් ගැනත් දැඩි විශ්වාසයක් පවතින බව මගේ කෙට්ටු අත පල්ල සහතික වෙමි
    .

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.