Monday 17 April 2017

තිඹිරි ගෙඩි වැනි තන ඇති යුවතියක් හා විවාහ වීම - Spring, better late than never!


කාන්තාවන් ගේ පියයුරු හෙවත් පයෝධර හෙවත් තන හෙවත් ස්තන ග්‍රන්ථි විස්තර කිරීම සඳහා රණ හංසයින්, ජම්බෝල, රන් තැඹිලි යනාදී විවිධ උපමා උපයෝගී කරගත හැකි බව අපි හොඳින් දනිමු.

නමුත්, පියයුරු සඳහා තිඹිරි ගෙඩි උපමාවක් ලෙස යොදා ගෙන තිබෙනු ඔබ මීට පෙර අසා තිබුණා ද?

මේ උපමාව යෙදෙන්නේ සාහිත්‍ය කෘතියක නොවේ. මා හතේ අටේ පන්තිවල දී උගත්, බුදු දහමේ එන වැදගත් සූත්‍රයක් වන පරාභව සුූත්‍රයේ ය.

පරාභව සුූත්‍රය, ත්‍රිපිකයේ සූත්‍ර පිටකයේ, බුද්දක නිකායේ, සුත්ත නිපාතයේ, උරග වග්ගයේ එන සූත්‍රයකි.

සුපුරුදු පරිදි බුදුන් සැවැත්නුවර, ජේතවනයේ, අනාථපිණ්ඩිකස්ස ආරාමයේ වැඩ විසූ දිනයක, හෙඩ් ලයිට් දමාගෙන එහි පැමිණි දෙයියෙකු විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙස පවසන ලදැයි කියනු ලැබුව ද, පරාභව සූත්‍රයේ මූලිකවම අඩංගු වන්නේ, දෙයියන් ගේ කෙසේ වෙතත් මිනිසා ගේ පරාභවයට හෙවත් පරිහානියට හේතු වන කාරණා ය.
ඒ කාරණා බොහොමයක් අපට සිතා ගත හැකි, සාමාන්‍ය තර්කයකින් වටහා ගත හැකි, ඒවා ය.

උදාහරණ ලෙස, ධාර්මිකව නොහැසිරීම, අසත්පුරුෂයන් ආශ්‍රය කිරීම, අලසකම, පරදාර සේවනය හෙවත් කොටු පැනීම සහ සුරාවට ලොල් වීම හෙවත් අනුමත වීම වැනි දේ මිනිසා ගේ පිරිහීමට කාරණා ලෙස මේ සූත්‍රයේ දැක්වේ.

පරාභව සූත්‍රයේ එන පරිහානියට කාරණා ලයිස්තුවේ දසවැනි කාරණය දැක්වෙන්නේ මෙසේ ය.
අතීතයොබ්බනො පොසො
ආනෙති තිම්බරුත්තනිං
තස්සා ඉස්සා න සුපති
තං පරාභවතො මුඛං
එහි තේරුම සාමාන්‍ය සිංහලෙන් මෙලෙස වේ.
ඉක්මගිය යෞවන වයසේ ඉන්නා (මහලු) පුරුෂයෙක් තිඹිරි ගෙඩි වැනි (කුඩා?) පියොවුරු ඇති තරුණ දැරියක් ආවාහ කොට ගෙන ඇය (අන් පුරුෂයින් හා එක් වේ යැයි සැකයෙන් ඒ) පිළිබඳ ඊර්ෂ්‍යාවෙන් නො නිදා ගත කරයි ද එය පිරිහීමට කාරණයක් වේ.
තිඹිරි ගෙඩි යනු සාමාන්‍යයෙන් පියවුරු සඳහා උපමා ලෙස භාවිතා වෙන තැඹිලි, ජම්බෝල, පත්තක්කා (මෙලන්) වැනි ප්‍රමාණයේ ගෙඩි වර්ගයක් නොව ඉතා කුඩා පලතුරකි.

එනිසා, මට නම් පෙනෙන්නේ පරාභාවයට යාමට පෙර, එවැනි පියයුරු ඇති ළාබාල තරුණියක් විවාහ කර ගන්නා තැනැත්තා, බාලාපරාධය සඳහා සිරගත විය යුතු බවයි!

කෙසේ වෙතත්, පරාභවයට හේතුව නම්, ඊට කලින් දැක්වූ කාරණාවල සඳහන් වූවා සේ ම, නොනිදා සිටීම හෝ ඊර්ෂ්‍යා කිරීම මිස මේ විවාහ වීම නම් නොවන බව කිව යුතුය. නිකරුණේ වද නොවිඳ හොඳින් නිදා ගන්නේ නම්, පරාභාවයට කිසිදු හේතුවක් නැත!

-රසිකොලොජිස්ට්

ප/ලි:
ගායක වික්ටර් රත්නායක පසුගිය දා තම ජීවිතයේ දෙවෙනි වසන්තය උදා කර ගත්තේ ය. මතභේදයට තුඩු දුන් ඒ විවාහය සිදුවුණු දිනවල දී කෙටුම්පත් කළ නමුදු පළ කිරීම අතපසු වුණු මේ ලිපිය අදින් ඇරඹෙන බ්ලොග් වසන්තය සැමරීම පිණිස මෙලෙස පළ කිරීමට සිත්විය.

(image: https://apeosupela.blogspot.com.au/2017/03/tibiri-diospyros-malabarica_21.html)

26 comments:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. කෝ කොමෙන්ට් ? ඒක අයින් කරන්නේ ඇයි? ඔකේ එහෙනං. සාරසගේ බ්ලොග් එකෙය් අනික් හැම තැනමයි දාන්නං කෝ කොමෙන්ට් එක.

      Delete
    2. මනපහතෙකු විසින් ලියූ ප්‍රතිචාරයක් ඉවත් කර, ඉන් පසු ැලබුණු සමාන ප්‍රතිචාර ස්පෑම් ෆෝල්ඩරයට යවන ලද බව කරුණාවෙන් සළකන්න!

      Delete
  2. තිඹිරි ගෙඩි යනු මොනවද ඒවා හරියටම මොන සයිස් ද කියල දැන ගන්න තමයි දැන් උත්සාහය.. :))))

    ReplyDelete
    Replies
    1. ඒ ගෙඩි වර්ගයේ ඡායාරූපයක් ඉහලින් පළ කර ඇත.

      වැඩි විස්තර සඳහා-

      https://apeosupela.blogspot.com.au/2017/03/tibiri-diospyros-malabarica_21.html

      Delete
  3. රසික, පහත ඇති කොමෙන්ටුව දුටුවේ ඩොක්ටර් රුවන්ගේ බ්ලොග් එකේ. කරුණාකර මේ ගැන ඔබගේ අදහස පලකරන්න. ස්තුතියි

    AnonymousApril 16, 2017 at 3:23 AM

    රුවන් දොස්තර මහත්මයා,

    විචාරක මහතාට පිළිකා රෝගය සෑදුනේ සංවිධානය භාවිතා කල රසායනික අවි වලට නිරාවරණය වීමෙන් බව මා අද උදේ විදෙස් රටක වෙසෙනා ප්‍රවීන බ්ලොග්කරුවෙකුට දුරකථන ඇමතුමක් දීමෙන් දැනගත්තා.

    එසේම මෙවැනි අදහසක් ස්වාධින රුපවාහිනීයේ විකාශය වූ සාකච්චාවකදීද මතුවුවා මට මතකයි. එහිදී අදහස් දැක්වුනා සංවිධානයේ කාඩර්වරුන්ට පිළිකා රෝගය සැදීම ගැන. ඇතැමුන් එයට ශ්‍රී ලංකා හමුදාවටත් චෝදනා කලානේ. හැබැයි මං සදහන් කල රුපවාහිනී වැඩසටහනට සහභාගී වූ කේ සුමන්තිරන් මන්ත්‍රීවරයා කිවේ සංවිධානයේ පිරිස් භාවිතා කල අවි අයුධ, ඒවායේ රසායනික සංයුතිය සහ ඒවාට සෘජුව නිරාවරණය වීම නිසා පිළිකා රෝගය සැදෙන්න පුළුවන් කියායි. (ද්‍රවිඩ සංධානයේ මන්ත්‍රීවරු සංවිධානයේ ඉත්තන් යයි චෝදනා කරනා පිරිස් සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ අදහස් ඇසුවා නම් හොදයි කියා මට සිතුනා ඒ මොහොතේ)

    ඉතින් හිතවත් දොස්තර රුවන් මහත්මා ඔබතුමාත් ශ්‍රී ලංකා හමුදාවේ සේවය කෙරු ඉහළතම වෛද්‍ය නිලධාරියෙක් වශයෙන් මේ ගැන දක්වන අදහස මොකක්ද? වෙඩි බලයට සහ ඒවායේ විවිද රසායනිකයන්ට සෘජුව මුහුණ දීම නිසා පිළිකා වැනි රෝග සැදිය හැකිද? එසේම යුද්දයේදී මුහුණ දෙන කටෝර රළු මානසික තත්වයන්ද මෙයට ඉවහල් වේදැයි කියා කිව නොහැකියි නේද? මාගේ

    බොහෝ අත්දැකීම් ඇති විශේෂඥය වෛද්‍යාවරයෙක් වන ඔබතුමාගේ අදහස් අගය කොට සලකමි.

    ReplyDelete
    Replies
    1. විචාරක ඉදිරිපෙළ සටන් කරුවෙක් නොවෙයි ඔහු සේවා සපයන්නක් ලෙස හමුදාවේ සේවය කලේ ඉදිරි පෙළ සටනකට සහභාගී වුයේ නැහැ.

      රසායනික අවි වලට නිරාවරණය වීමෙන්නම් කොහෙත්ම වෙන්න බෑ සිංහ රෙජිමේන්තුවේ සුවෙච්චා බලඇණියේ සේවය කලේ.

      Delete
    2. විචාරක හිටියෙ සප්ලයි යුනිට් එකක, හැබැයි ලියන්නෙ නම් එස්.එෆ් ලොක්කෙක් වගේ. යුද්ධෙ කරපු මිනිස්සුන්ට වඩා පැත්තක හිටපු කබ්බො තමයි වීරයො වෙන්න හදන්නෙ.

      Delete
  4. //පරාභවයට හේතුව නම්, ඊට කලින් දැක්වූ කාරණාවල සඳහන් වූවා සේ ම, නොනිදා සිටීම හෝ ඊර්ෂ්‍යා කිරීම මිස මේ විවාහ වීම නම් නොවන බව කිව යුතුය//

    එකෙන්ම!

    ඔය වගේම සීන් එකක් තියනවා නන්දා මාලනී ගේ සින්දුවකත් -

    මා හඬනා කඳුළු ගලා - සැදුනු කඳුළු සාගරේ
    ඔබ ඇය හා ඔරු පැද පැද
    සිනාසුනේ ඇයි...
    සිනාසුනේ ඇයි...

    මේකේ කියන විදිහට කෙල්ලට අමාරු හිනා වෙච්චි එක. හිනා නොවී ඔරුව පැද්දා නම් කිසි ප්‍රශ්නයක් නෑ.

    ReplyDelete
  5. ඇයි ඇය හිනා උනේ, හිනා නූනා නම් ප්‍රස්නෙ ඉවරයි!

    ReplyDelete
  6. රසික පප්පේ Ausi Bitch කෙනෙක් විවාහ කරගෙන බැලුවනං තේරෙයි හරියටම

    ReplyDelete
  7. සමහර අය ඉන්නවා මෝටාර් උණ්ඩ වගේ ඒවා තියෙන​..බැරිවෙලා හරි ඇඟේ වැදුනොත් සුනේ සුන්

    ReplyDelete
  8. @ All,

    අසනීපවිමත්, කලින් යොදාගත් චාරිකාවක යෑමත් නිසා මේ ප්‍රතිචාරවලට පිළිතුරු ලිවීම අතපසු වී ගියා!

    කියවූ, ප්‍රතිචාර දැක්වූ සියලු දෙනාටම ස්තුතියි!

    ReplyDelete
  9. munta pukatath pallaha idan pisuu...

    ReplyDelete
  10. ජාතක කථා ලියල තියෙන්නෙත් ලංකාවේ කෙනෙක්, මේ පරාභව සුත්රයත් ලංකාවේ හිටපු හාමුදුරු කෙනෙක් ලියන්ඩ ඇති. ඕව බුදුරජාණන් වහන්සේගේ නියම දේශනාද කියන්ඩ අමරුයිනේ? සමහර කොටස් අඩු වෙලා, ලියන්නට කැමති කොටස් එකතු වෙලා ඇති.

    ReplyDelete
  11. පස්සේ දැක්කේ. බාලාපරාධ

    ReplyDelete
  12. වයස බලලා හිටියනම් සයිස් එකේ අවුලක් වුනත් අවුලක් නෑ මගෙ හිතේ.....

    ReplyDelete
  13. ටික කලක් යනකොට තිඹිරිත් ජම්බෝල සයිස් එකට එනවා නේද්?

    ReplyDelete
  14. පූර්ව සිලිකෝන් යුගයේ අවවාද....

    ReplyDelete
  15. දන්නැති මගුුල් නොකියා ඉදහන්. අර්ථ විස්තර කරන්ට දන්නැතිව හිතට එන බයිල කියවන එක විකාරයක් මිස. දස්කමක් නෙවෙයි

    ReplyDelete
  16. තමුසෙගෙ සිතට එන ඕනෑම⁣ දෙයක් පල කරන්ට කලින් දෙවරක් තුන්වරක් සිහියෙන් සිතා බලන්ට.හිතට එන ඕනෑම දෙයක් පලකරාට කමක් නෑ ගෙදර ඇතුළෙ. කුනු⁣ ගොඩවල් සමාජෙට දෙන්නැතිව.(ලැජ්ජාව සහ බය ලෝක පාලක ධර්ම වෙන්නෙ ඔවැනි හේතු නිසා)

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.