Monday 26 January 2015

මා කැමතිම ඕස්ට්‍රේලියානු ගීතය - It is Australia Day today...!

අද ජනවාරි විසි හය වෙනිදා, ඕස්ට්‍රේලියානු දිනයයි. එනම් ඕස්ට්‍රේලියානු ජාතික දිනයයි. අපට නිවාඩු දිනයකි.

මීට සියවස් දෙකකටත් වඩා පෙරාතුව වසර 1788 දී එංගලන්තයෙන් පිටුවහල් කරන ලද වැසියන් සහ කාර්ය මණ්ඩලය රැගත් නැව් එකොළහක් සමග අද ඕස්ට්‍රේලියාව නමින් හැඳින්වෙන භූමියේ ජනපදයක් ඇරඹීමට පැමිණි ආතර් පිලිප් කප්පිත්තා විසින් අද සිඩ්නි නමින් හැඳින්වෙන ප්‍රදේශයට ගොඩ බැස එහි එක්සත් රාජධානියේ කොඩිය හිටවූ දිනය මේ ඕස්ට්‍රේලියානු දිනයෙන් සැමරේ.

ඒ හේතුව නිසාම, එදින එතෙක් වසර 40,000 කටත් වඩා කාලයක් ඕස්ටේ‍ර්ලියාව ජනාවාස කරගෙන සිටි, මෙහි මුල් වැසියන් ලෙස හැඳින්වෙන ඇබොරජිනල් ජාතිකයින් ගේ ජනකොටස් හැටියට විනාශය ආරම්භ වූ නිසා, මේ දිනය ජාතික ශෝක දිනය හෝ ආක්‍රමණික දිනය ලෙසද හැඳින්වේ.

කොටින්ම කිවහොත් මීට වසර 2,560 කට ආසන්න කාලයකට පෙර ජනප්‍රවාදිත ඉතිහාසයට අනුව විජය තම පිරිවරත් සමග ඉන්දියාවේ සිට පැමිණ තම්බපන්නියට ගොඩ බැස්සා යැයි සැලකෙන වෙසක් පොහෝ දිනය මේ ඕස්ට්‍රේලියානු දිනයට යම් ආකාරයකින් සමාන කළ හැක.

ඕස්ට්‍රේලියාව ගැන කියවෙන මා කැමතිම ගීතය ජෝන් විලියම්සන් විසින් ගායනා කරන "හෝම් එමංග් ද ගම් ට්‍රීස්" නම් ගීතයයි.

මෙන්න යු ටියුබයෙන් අසන්න.



මෙන්න එහි පදවැල.

I've been around the world a couple of times, or maybe more,
I've seen the sights, I've had delights on every foreign shore,
but when my mates all ask me the place that I adore,
I tell them right away.

Give me a home among the gum trees,
with lots of plum trees, a sheep or two, a kangaroo.
A clothes line out the back, verandah out the front,
and an old rocking chair.

You can see me in the kitchen cooking up a roast,
or Vegemite on toast, just you and me, a cup of tea.
And later on we'll settle down and mull up on the porch,
and watch the possums play.

Give me a home among the gum trees,
with lots of plum trees, a sheep or two, a kangaroo.
A clothes line out the back, verandah out the front,
and an old rocking chair.

There's a Safeway up the corner, and a Wooly’s down the street,
a brand new place they’ve opened up where they regulate the heat,
but I'd trade them all tomorrow for a simple bush retreat
where the kookaburras call.

Give me a home among the gum trees,
with lots of plum trees, a sheep or two, a kangaroo.
A clothes line out the back, verandah out the front,
and an old rocking chair.

Some people like their houses with fences all around,
others live in mansions, and some beneath the ground.
But Me, I like the bush, you know with rabbits running 'round,
and a pumpkin vine out the back.

Give me a home among the gum trees,
with lots of plum trees, a sheep or two, a kangaroo.
A clothes line out the back, verandah out the front,
and an old rocking chair.

Give me a home among the gum trees,
with lots of plum trees, a sheep or two, a kangaroo.
A clothes line out the back, verandah out the front,
and an old rocking chair.

http://www.songlyrics.com/john-williamson/home-among-the-gum-tree-s-lyrics/

සියළු දෙනාටම සුභ දවසක් වේවා!

-රසිකොලොජිස්ට්

ප/ලි:
මුලින් ඇති ඡායාරුපවලින් පෙන්වන්නේ ඕස්ට්‍රේලියානු ධජය සහිත නාන ඇඳුම් සහ සෙරෙප්පු වැනි වෙරළේ දී පාවිච්චි කරන ඇඟලුම් කිහිපයකි. මේවා විශේෂයෙන් ම සාදන්නේ අද වැනි ඕස්ට්‍රේලියානු ජාතික දිනයේ දී භාවිතා කිරීමටයි!

(images: http://www.cheersbuy.com/Product.asp?ClassID=79
http://stockfresh.com/image/1410380/australian-flag-thongs
http://www.onerugby.com.au/Product/3055/Aussie-Flag-Shorts---Youth)

29 comments:

  1. මේ මම කැමතිම ඔස්ට්‍රේලියානු ගීතය.

    https://www.youtube.com/watch?v=XfR9iY5y94s

    ReplyDelete
    Replies
    1. එයත් හොඳයි, නමුත් මේ ගිව් මී එ හෝම් අමංග් ද ගම් ට්‍රීස් ගීතයට කැමති එහි පදමාලාව අද වගේ දවසකට ඇති ගැලපීම නිසයි!!

      Delete
    2. මං ලෝකේ වටේ දෙතුන් වරක් ගිහින් තියෙනවා
      හැම රටකම ලස්සන දේ විඳල තියෙනවා
      කැමතිම රට මොකක්ද මිතුරන් විමසනවා
      වහාම මං මෙහෙම කියනවා!

      ගම් ගස් අස්සේ හැදු ගෙදරක් මට ඕනෑ
      ප්ලම් ගස්, බැටළුවො කැන්ගරු ඉන්නට ඕනෑ
      රෙදි වැල ගෙයි පස්සෙ, ඉස්තෝප්පු ඕනෑ
      හාන්සි පුටුවක් නම් එහි තියෙන්න ඕනෑ!

      Delete
  2. කවුද කකා මේ ෆොටෝ එකේ ඉන්නේ? කකාගේ දුවද?

    මොකද කකා ප්‍රශ්නයක් ඇහැව්වම කොමෙන්ට් එක ඩිලීට් කරන්නේ? මේ ෆොටෝ එක කකාමනේ දැම්මේ කලින් පොස්ට් එකක.

    ReplyDelete
    Replies
    1. මා මැකුවේ ඔබේ ප්‍රශ්ණය නොවේ, ඒ යටින් කවුදෝ කර තිබූ අපහාසාත්මක ප්‍රකාශයයි.

      අනික, ඔබේ ප්‍රශ්ණයට පිළිතුර අදාල ලිපියේම ඇත. යලිත් කියවා බලන්න.

      Delete
  3. ඔහේ දැං ඔස්ටරේලියන් නේද?? අර ඇන්ටිල කියන කතාව සහතික ඇත්ත.. හැක්. හැබෑට බොක්සින් ඩේ එක ගැන තාම ලිව්වවෙ නෑ නේද?

    ReplyDelete
    Replies
    1. මං ලෝකේ වටේ දෙතුන් වරක් ගිහින් තියෙනවා
      හැම රටකම ලස්සන දේ විඳල තියෙනවා
      කැමතිම රට මොකක්ද මිතුරන් විමසනවා
      වහාම මං මෙහෙම කියනවා!

      ගම් ගස් අස්සේ හැදු ගෙදරක් මට ඕනෑ
      ප්ලම් ගස්, බැටළුවො කැන්ගරු ඉන්නට ඕනෑ
      රෙදි වැල ගෙයි පස්සෙ, ඉස්තෝප්පු ඕනෑ
      හාන්සි පුටුවක් නම් එහි තියෙන්න ඕනෑ!

      Delete
  4. හැපී ඕස්ට්‍රේලියාන් ඩේ!
    අපේ සිංහ කොඩියෙන් ඔහෝම එව්වා හැදුවා නම් කොහොමට තියේවිද ?පාරට බැහැලා වෙන රටවල කොඩිත් පුච්චලා සාමකාමී විරෝධය පාවී නෙහ්.

    ReplyDelete
    Replies
    1. අපේ සිංහ කොඩියෙන් ඕවා හැදුවා නම් සිංහ කොඩියේ එතිලාම අවසන් ගමන් යන්න තිබුණා. ඇයි අපේ අයියලා හිතාගෙන ඉන්නෙ ඒක ඔලුව උඩ තියාන වැඳගෙන ඉන්න ඕනෙ දෙයක් කියලනෙ.

      Delete
    2. සිංහයා අයිති ලංකාවට විතරද?

      සිංහයෝ නැති තවත් රටක් වෙන සිංගප්පූරුවට අයිති නැද්ද?

      මෙන්න ලඟින් යන එකක්.
      http://4.bp.blogspot.com/-HljMsXPorfI/UYYxNhy13_I/AAAAAAAAH04/0NdEq9hC3bI/s1600/chenmeicai+-+Romwe+Swimwear+02.jpg

      Delete
  5. ඕං වර වර මහ පුක කලුවා... ඕං වර වර මහ පුක කලුවා...
    ඇවිත් බෙට්ට දමලා පල මහ පුක කලුවා.... ඕං වර වර මහ පුක කලුවා...

    ReplyDelete
    Replies
    1. මොකක් ද මේ මන්තරයක් ද?

      Delete
    2. ඔව්. එයා නිකම් එන්නෙ නෑ. මතුරලා තමයි ගෙන්න ගන්න ඕනැ.

      Delete
  6. ජාතික කොඩිය බඳු පූජනීය වස්තුවකින් තුම්මුල්ල කවර් කරගන්නා අක්කාට විරෝධය පලකරමු. කෝ මේ දේශ හිතෛශී "සිංහයො" සොරි "කැන්ගරුවො" නැද්ද ඔය පැත්තෙ?

    ReplyDelete
    Replies
    1. මගේ අදහස අනුව නම් තුම්මුල්ල ඊනියා ජාතික කොඩියට වඩා අතිශය උතුම් වස්තුවකි. තුම්මුල්ල වූ කලී මාතෘත්වයේ සංකේතයයි. අප සියළු දෙනාගේ ජීවිතයේ ආරම්භයයි. මාතෘත්වය අමතක කළත් අප සියළු දෙනා ජීවිතයේ දිගු කොටසක් වැය කරන්නෙන් තුම්මුල්ල පස්සේ දිවීමටය.

      ඒ අනුව බලන කල ජාතික කොඩිය මොන පයන්නක්ද?

      Delete
    2. මං හිතන්නේ ඔය ජාතික කොඩිය ඩිසයින් එකේ බිකිනි හදන්නේ බටහිර බලවේග වලින් වෙන්න ඇති!

      Delete
    3. ඔස්ට්‍රේලියාව අපිටත් වඩා නැගෙනහිරින් තියන නිසා බටහිර අය මාර විදිහට ඒ රටට විරුද්දව කුමණ්ත්‍රන කරනව ඇති. අනේ ඒගොල්ලන්ට ලෙමන් පෆ් රිලව් නෑනෙ ආරක්ශාවට.

      @රසික, ටොප් හෙවී (ලොකු නිලතල වැඩිවීම ) ආයතන තිබීම බනානා රිපබ්ලික්වල ලක්ෂණ‍යක්වීම වගේම පමණට වැඩි ප්‍රචන්ඩ දේශ ප්‍රේමය ප්‍රදර්ශනය සහ තමන්ගේ අභිමානයට හානි වෙනවයි ( අඬන්න ඇහැට අනිනකම් බලා ඉන්නව වගේ ) කියල කෑගැසීම නොදියුණු සමාජයක ලක්ෂණයක් නේද?

      BTW, අර පෝලීන් හැන්සන් බල සේනාව නැද්ද දැන්?

      Delete
    4. @ Pra Jay
      ඔව්වොව්, මෙහේ සිට බලන කොට ලංකාව, ඉන්දියාට සහ විශේෂයෙන් ඉන්දුනීසියාව සහ මැලේසියාව කියන්නේ බටහිර බලවේග තමයි!

      පෝලීන් හැන්සන් සහ ඇගේ තර්ක ලංකාවට ආ හැටි ගැන ලඟදීම ලියන්නම්!

      Delete
    5. Pra Jay : "ඔස්ට්‍රේලියාව අපිටත් වඩා නැගෙනහිරින් තියන නිසා බටහිර අය මාර විදිහට ඒ රටට විරුද්දව කුමණ්ත්‍රන කරනව ඇති. අනේ ඒගොල්ලන්ට ලෙමන් පෆ් රිලව් නෑනෙ ආරක්ශාවට"

      Ha ! ha !!! Ela !!!

      Delete
  7. I like "Waltzing Matilda". The unofficial national anthem of Australia. :D

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නේ නං ඒ සින්දුවේ පදවැල සත පහක තේරුමක් ඇති එකක් නොවෙයි කියලයි. ටියුන් එක නං හොඳයි තරමක්.

      Delete
  8. තමන්ට නිදහසේ ජීවත් වෙන්න අවශ්‍ය පරිසරය තිබෙනවානම්, සමානාත්මතාව තිබෙනවා නම්, අනුන්ගේ මතය ඉවසනවානම්, ඒ වගේ රටක ඉන්න අකමැති කවුද? ඊළඟ පරම්පරාවටවත් මේ රටතුල ඒ ටික කරගන්න ලැබුනොත් ඇති.

    ReplyDelete
    Replies
    1. සමානාත්මතාවය තමයි මෙහේ මා දකින ලොකුම දේ.

      සසර වසන තුරු ඉන්න හොඳ රටක්!

      Delete
  9. කකා , බිකිනි ඇදන් ඉන්න ෆොටෝ දාල අපිවත් ඔහෙට එන්න පොලබවනවා .
    //
    ගම් ගස් අස්සේ හැදු ගෙදරක් මට ඕනෑ
    ප්ලම් ගස්, බැටළුවො කැන්ගරු ඉන්නට ඕනෑ
    රෙදි වැල ගෙයි පස්සෙ, ඉස්තෝප්පු ඕනෑ
    හාන්සි පුටුවක් නම් එහි තියෙන්න ඕනෑ! //

    බාල්දියත් එල්ලන් මීටර් 20 ක් විතර දුර තියන කක්කුස්සියක් හදන්න ඕනේ නැද්ද ?

    ReplyDelete
    Replies
    1. එවැනි නිවසිනි බාහිර වැසිකිලි (Out house aka Dunny) තිබිලා තියෙනවා ඉස්සර කාලේ (1950). දැන් නම් පේන්න නෑ!
      http://upload.wikimedia.org/wikipedia/commons/a/ae/BrisbaneSuburbanOuthouses1950.jpg

      Delete
  10. සින්දුව නම් ඉතින් අදමයි මම ඇහුවේ..

    මම මේ කල්පනා කලේ ජාතික කොඩියෙන් අර වගේ දෙයක් ලංකාවේ වගේ උනානම් මොන තරම් දේවල් වේවිද කියලා..

    ReplyDelete
  11. අම්මපෙයි කියපන්?

    ReplyDelete
  12. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.ජියොලොජි කියන්නෙ පොලව ගැන ඉගෙනීම. සූලොජි කියන්නෙ සත්තු ගැන ඉගෙනීම. එතකොට රසිකොලොජි කියන්නෙ රසික නමැති අය ගැන ඉගෙනීම.එතකොට රසිකොලොජිස්ට් කියන්නෙ රසික ගැන ඉගෙන ගන්නා කෙනාට.මම හරිද කියන්න රසික මහතා?

    ReplyDelete
  13. Another contender for the title
    https://m.youtube.com/watch?v=BzI04jXR-y0

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.