Tuesday 24 March 2015

කේන්තියට ලියවෙන කවි - Sad reality of life


සභාවෙන් අවසරයි,

නෝනාවරුනි මහත්වරුනි, මා මේ අවස්ථාවේ මෙතැනට පැමිණියේ කවියක් ගායනා කිරීමටයි.

සුබ අනාගත්තක් වේවා!

ගොම රිටි උඩ එති
මිණි කැට යට යති
දෙපයට හිරිකිත
බලු බෙටි පෑගෙති

උදයෙත් රැවටෙති
දහවල රැවටෙති
පුරහඳ නැති රෑ
ඔළුවෙන් සිටවෙති

නයු අජ වෙස ගති
හොරු යළි රජවෙති
මරුමුස් පරපුර
තරුපටි පළඳිති

සොඳුරු මිනිස් ගති
බේතට හිඟවෙති
වඳුරු සුනඛ ගති
සදහට පවතිති


අසා සිටි ඔබ සැමට ස්තුතියි. සුබ අනාගත්තක් වේවා!

-රසිකොලොජිස්ට් (23 මාර්තු 2015)

(Image: http://www.cactusjungle.com/blog/2014/10/31/halloween-annual-cactus-costume-roundup/)

28 comments:

  1. මා වැනි බිළින්දා
    වර වර ළඟට කැන්දා
    දුක් සැප කුමන්දා
    අසන නිරිඳෝ වෙන කොයින්දා

    ReplyDelete
    Replies
    1. හෝ පොතු ගැසුන කුස...
      පිට කොඳු වලට ඇලුනත්.....
      සැපක් මැයි එනිරිඳු නොමැතිව...
      හාමතේ මැරුණත්.......

      Delete
    2. හෝ පොතු ගැසුන කුස...
      පිට කොඳු වලට ඇලුනත්.....
      සැපක් මැයි එනිරිඳු නොමැතිව...
      හාමතේ මැරුණත්.......

      එළකිරි ඇනෝ.සුපිරියි සහතික ඇත්ත.

      Delete
  2. රසිකලොජි මහ සිපී
    යහපාලනේ දැක කිපී
    ගිය නුවණ බලා වැලපී
    කව් පද ගොතා කියපී....

    හයියෝ සල්ලි......

    ReplyDelete
    Replies
    1. හි හි ෂෝයි ඇනෝ ඔයාගේ කවියත්

      Delete
  3. කක්කා හිස ඇති
    ඉස්සෝ රොත්තක්
    ලෙසටම පවසති
    පිරිසිදුකම ගැන

    ReplyDelete
  4. යහපාලනයට
    කඩේ ගියෙමු නිති
    දැන්නම් කොන්දට
    ඕනෑ පොල්පිති :(

    ReplyDelete
  5. බොහෝ කළෙකින්.. දැනෙන කවියක්...

    ReplyDelete
  6. දන මන පැටලෙති
    සිහිනෙන් බිය වෙති
    ගැසූ කතිරයෙන්
    අම්මට හැමිනෙති

    ReplyDelete
  7. ගොම රිටි උඩ එති
    මිණි කැට යට යති
    දෙපයට හිරිකිත
    බලු බෙටි පෑගෙති

    හැබෑව!

    ReplyDelete
    Replies
    1. රාජ් පහුගිය දවස් වල හැම තැනම යහපාලන බෙටි රි රී ගිය හින්දනේ මේ කරදරේ !

      Delete
  8. එස්බී හිනැහෙති
    පයිත්‍රා ට කිති
    සිරා කතා නැති
    බල්ලෝ බත් කති

    ReplyDelete
  9. සිරිපාල හුරා නපුංසක හුරන් කැටක් එක්කාසු කොරාන හිටං යහන් පාලන පොජ්ජ මන්දු කොරාන්න මන්ගච්චාපු යාමේ හිටං අප හැමෝන්ලාගෙම පුක් පොජ්ජවල් වලට එයැත්තෝල මන්දු කොරාන බව මෙයැත්තන් දැනන් උන්නා මයෙ දෙයියෝ
    මෙතැන් හිටං පුක් පොජ්ජවල් වල තෙල් පොජ්ජ පොජ්ජ මන්දු කෙරෙව්වා නම් හිටං වේදනා පොජ්ජ සැහැල්ලුවෙන් මන්දු වේවි දෙය්යෝ

    ReplyDelete
  10. සියල්ලෝ රැවටෙති
    රැවටුනු බවක් දන් නැති
    පෙර කිසිත් මතක නැති
    අය ඉන්න තුරු රජ වෙති

    ReplyDelete
  11. උන්ටත් හරි ජොලි
    මුන්ටත් හරි ජොලි
    ජනයාට වෙරි සොරි

    ReplyDelete
  12. කළබල නොවෙන් සකි
    අපි එහෙම නොරැවටෙති
    ඊළඟ ඡන්දෙදි
    මේ සේරම ගෙදර යති

    ReplyDelete
  13. යා යා...
    අනාගත්තක් වේවා

    ReplyDelete
  14. පුහුල් හොරා කරෙන් දැනේ
    කිව්වලු
    ඔය පැන්නේ කතන්දර බළලා (කකා) මල්ලෙන් එලියට
    අපි නොදන්න කකා දැන් රසිකොලොජි වෙලා

    ReplyDelete
  15. තොට දේව ශාපය ලැබෙනවා

    ReplyDelete
    Replies
    1. තොට තමා දේව ශාපය ලැබෙන්නේ

      Delete
    2. තොට තමා දේව ශාපය ලැබෙන්නේ

      Delete
  16. කාට කියන්නද මේ දුක කිවුවලු..

    ReplyDelete
  17. මා වැනි දිලින්දා
    යහපාලනයට කැන්දා
    දෙමසක් ගියන් දා
    වෙච්ච දේ නම් අනේ මන්දා

    ReplyDelete
  18. හ්ම්ම්ම් අනේ මන්දා කාකා ආයේ නම් කිසිම පක්ෂයක් අපේක්ෂකයෙක් ගැන බලාපොරොත්තුවක් නෑ,,, මිනිස්සුන්ට බැරිවෙයිද මේ කාටවත් චන්දෙ නොදී ඉන්න චන්දෙ වර්ජනය කරන්න,,

    ReplyDelete
  19. සියළු දෙනාටම ස්තුතියි.
    කලේ පැන් නැවුම් රහ නැති වී ඇති නිසා පිළිතුරු ලිවීමට කාලයක් නැත!

    ReplyDelete
  20. //නයු අජ වෙස ගති//
    'අජාසත්ත වගේ නායකයෙක්' ද වෙන අර්ථයක් ද?
    කොහොමත් බලුබෙටි කවන දවසක් ළඟයි වගේ...

    ReplyDelete
  21. දුන්න උං ලත වෙති.......
    මං නම් බලා ඉදිති ........

    ReplyDelete
  22. දුන්න වුන් දැන්නැති..
    ඡන්දය මට නැති නිසා නොදුනෙමි..
    දුනිනම් නොසගවා කියමි..
    අනේ මාහට වයස මදිවුනි..:P

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.