Thursday 22 October 2015

වයින් බෝතලයක් ගැන පොඩි ප්‍රශ්නයක් - Ice wine question


කතාව ඉතා කෙටියෙන් මෙලෙස ය.

ඕස්ට්‍රේලියාවේ වෙසෙන අප, නිතරම යන එන හිතවතෙකු ගේ නිවසේ රාත්‍රී භෝජන සංග්‍රහයක් සඳහා යන විට සාමාන්‍යයෙන් රැගෙන යන්නේ වයින් බෝතලයක් සහ චොකලට් පෙට්ටියකි.

සමහරු රාත්‍රී ආහාරයට ගත හැකි ව්‍යංජනයක් ගෙන යති. මෙහිදී නාස්තිය වැළැක්වීම පිණිස සහ කෑම වේල ක්‍රමවත් කිරීම පිණිස තමන් ගෙන එන කෑම වර්ගය පිළිබඳව, නිවසේ අය ගේ පෙර අනුමැතිය ලබා ගැනීම සිදු කෙරේ. එැවනි කෑම ගෙන යෑමේ අවශ්‍යතාවක් ඇති වුණහොත් මා නම් කරන්නේ කෙළින්ම සාප්පුවකින් මිල දී ගත හැකි කේක් හෝ වෙනත් අතුරුපසක් රැගෙන යාමයි.

ප්‍රේම් මගේ සුමිතුරෙකි. ඔහු විස්කි, වොඩ්කා නොබොයි. නමුත් වයින් බීමට ප්‍රිය ය. විවිධ වයින් වර්ග අතරින් අයිස් වයින් නමින් හැඳින්වෙන වයින් වර්ගය එකතු කිරීම ඔහු ගේ විනෝදාංශයකි.

පසුගිය සතියේ කැනේඩියානු නිෂ්පාදනයක් වූ අයිස් වයින් කුඩා ප්‍රමාණයේ බෝතලයක් වැන්කුවර් නගරයේ දී මිලට ගත්තේ ඔහු සඳහා ම ය. ප්‍රේම් ලා ගේ නිවසට යන දිනයට ගෙන ගොස් එය තෑගි දීමට අපි සිතා සිටියෙමු.

"මචං අපේ අලුත් ගෙදරට ගොඩ වැදුණු නිසා පන්සලේ හාමුදුරුවන් දෙපළ වඩම්මවලා පිරිත් කියන්නයි යන්නේ, වරෙං පිරිත් ටිකක් අහලා රෑට කෑම ටිකක් කාලා යන්න" ප්‍රේම්ගෙන් අපට ආරාධනාවක් ලැබුණි.

පිරිත් කීම නියමිතව තිබුණේ ඊයේ රාත්‍රියට ය.

නගරයේ පිහිටි කාර්යාලයේ එදා දවසේ සේවය නිම කර නිවසට පැමිණ, යළි සූදානම් වී, කිලෝ මීටර් තිහක් පමණ දුර වෙනත් පෙදෙසෙක වෙසෙන ප්‍රේම් ගේ නිවසට අප යන විට පිරිත් අවසාන වී රාත්‍රී කෑම වේලාව උදා වී තිබෙන බව මම දැන සිටියෙමි.

"අපි අර අයිස් වයින් එකත් ගනිමු ප්‍රේම්ට දෙන්න" මම බිරිඳට පැවසුවෙමි.

"හොඳ නෑ නේද, වයින් අරගෙන යන්න, අද පිරිත් ගෙදරක නේ යන්නේ" ඇය එයට අකමැත්ත ප්‍රකාශ කළාය.

"අපි ඒ වයින් බෝතලේ ප්‍රේම්ට දෙන්න නේ ගත්තේ, පව් සිද්ධ වෙනවා නම් කවදා දුන්නත් එකම පව තමයි සිද්ධ වෙන්නේ!" මම කීවෙමි, "අනික මෙතන වයින් බොන කතාවක් නෑ නේ, කොහොමටත් ප්‍රේම් අයිස් වයින් බෝතල් එකතු කරලා ලස්සන බල බල ඉන්නවා මිසක් කඩන එකක් යැ? මීට අවුරුදු දහයකට කලින් කැනඩාවෙන් ගෙනාපු අයිස් වයින් එකත් තාම තියෙනවාද කොහෙද!"

"ඔයාට ඕනෑ එකක් කරගන්න!" බිරිඳ නිහඬ වූවා ය.

දැන් මගේ ප්‍රශ්නය මෙයයි.

නිවසකට සාමාන්‍ය දිනයක මත්පැන් බෝතලයක් ගෙන යනවාට වඩා වැඩි පවක් පිරිත් කියන දවසක ගෙන යාමෙන් සිදුවේද?

පන්සිල් ගෙන හෝ පන්සිල් ගෙන පිරිත් අසා මත්පැන් බීමෙන් ලැබෙන පව, පන්සිල් නොගෙන මත්පැන් බීමට වඩා හෝ පිරිත් අසා, පිරිත් ලණුවක් බැඳගෙන මත්පැන් බීම නිසා හෝ ලැබෙන පවට වඩා වැඩිද?

-රසිකොලොජිස්ට්

ප/ලි:
වයින් බෝතලය ගෙන ගියෙමි. නමුත් එය ප්‍රේම් ගේ අතට නොදී ඔහු ගේ වයින් රාක්කයේ තබා ආවෙමි. ඒ නිසා වැදෙන පව තරමක් අඩුවෙන් වැදේවි යැයි සිතමි!

ප/ප/ලි:
මේ දැන් ආරංචි වුණු පරිදි අපේ මිත්‍රයා මේ අයිස් වයින් බෝතලය ගැන දැන ගෙන ඇත්තේ මේ බ්ලොග් ලිපිය කියවීමෙනි.

(image: http://villadreamvacations.com/canadian-icewine-vineyard-stays/)

66 comments:

  1. මට හිතෙන්නෙ කොහොම උනත් පව් නෑ කියල. ඒ මොකෝ. ඔබේ මිතුරා මේ වයින් බෝතලය නොබී ලස්සන බලන නිසා. ඒ කියන්නේ ඔහුගේ හිත යම් ප්‍රමානයකින් හෝ සතුටු වේවි. එහෙනම් ඔබ කර ඇත්තේ පිනක් නොවේද? ඔහුගේම අතට වයින් බෝතලය දුන්නානම් එය තවත් වැඩි වනවා නොවේද?

    ReplyDelete
    Replies
    1. මං දැන් හිතන්නේ අයිස් වයින් බෝතල් ලස්සනට තියා බල බලා ඉන්න හැකිවෙන පරිදි විදුරු අල්මාරියක් අරගෙන දීමටයි!

      Delete
    2. යම්කිසි ක්‍රියාවක් කුසලයක් හෝ අකුසලයක් වෙන්නෙ චේතනාව අනුව. එකම ක්‍රියාව දෙදෙනෙකුට දෙවිදියකට බලපාන්න පුලුවන්.

      Delete
  2. අයියා බුධාගමට ගහන්නේ කතෝලික බලපෑම නිසා නේද

    ReplyDelete
    Replies
    1. බුධාගම ගැන හෝ බුඩාගම ගැන හෝ මා කිසිත් දන්නේ නැත!

      Delete
    2. මෙන්නෝ කොක්වල ප්‍රාඥයා අද ඇනෝ ඇවිල්ලෝ...

      Delete
    3. ඔහුට එවැනි පිස්සුවක් නොමැත!

      Delete
    4. කාටද? කොහොම පිස්සුවක්ද නැත්තෙ?

      Delete
    5. කොකාවලට පහර දෙන්නේ එකම එක අයෙකි - අන්න ඒ මනුස්සයා ඇනෝ ඇවිල්ලද දන්නේ නෑ රසික ? ;)

      Delete
  3. වයින් බොතලය නම් තියන්න පුලුවන්, එත් මට තිබෙන බර පතලම ප්රශ්නය තමයි බොතල කීයක් "missing" ද කියල???

    ReplyDelete
    Replies
    1. මචං එතැන තියෙන "පරණ" බෝතල් ගොඩෙන් එකක් දෙකක් මිස් වුනාට තේරෙන්නේවත් නෑ නේද?

      Delete
  4. වයින් බෝතල් එකතු කරන අය ඒ කියන්නෙ ඔය වගේ පරණ වයින් බෝතල් එක්කහු කොරන්නෙ ආසාවටත් වැඩිය අර වෙනම කික් එක්කට නේද.. ඒ කිව්වෙ නිකං අර සුළු ධනේෂ්වර මානසිකත්වය වගේ මගුලක් හින්ද වගේ.. නිකං අපි මේමයි දත් මදින්නෙ දත් මදින්නෙ කියන්න වගේ..
    පවක් සිද්ධ වෙන්නේ චේතනාව අනුව නේද රසික...

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න අමාරුයි. මං පොඩි කාලේ අලියා බීම බෝතල්වල මූඩි එකතු කළා. පස්සේ රුපියල් පහේ කාසි එකතු කළා. දැන් පොත් එකතු කරනවා.

      මගේ මිතුරෙකු එකතු කරන්නේ කෝච්චි ටිකට්.

      තමන් කැමති දෙයක් කිරීම පුද්ගල නිදහසක්, වෙනත් දේ ගාවා ගත යුතු නෑ!

      Delete
  5. මම නම් හිතන්නේ පව් වැඩියි කියලා. ඇයි කිව්වොත් පිරිත් හරි බණක් හරි අහලා හිත එකඟ කරගෙන ඉන්න කෙනෙක් හෝ පිරිසක් ලඟටයි ඔබ එය රැගෙන ගියේ.... සාමාන්‍ය දවසක ට වඩා වෙනස ඒකයි. හැබැයි එයාට ඒක තවත් එක තෑග්ගක් විතරක් නම් වෙනසක් නැහැ.

    ReplyDelete
    Replies
    1. අමු අමුවෙ ඔහොම දෙන්න හොද නෑ තමයි , කොප්පරා ගෙඩියකට දාල ටික දවසක් තියල කෑලි කපල තමයි පිරිත් ගෙවල් වලට ගෙනියන්ඩ ඕනෙ. එතකොට පව් නෑ.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. රසික මෙතන කියලා තියෙන්නේ හාමුදුරුවන්ට දෙන ඒවා නෙවෙයි නේද?

      Delete
    4. දෙයියන්ට ගහන ඒවා
      බල්ලන්ට ගහන ඒවා
      වැටවල්වලට ගහන ඒවා
      පිරිත්වලට ගන්න කොප්පරාවලට දාන ඒවා
      වගේ වයින්වලට ඉස්සර කාලේ නම් කියන්න තිබුණා බිත්ති ඔර්ලෝසුවලට කරන ඒවා කියලා. දැන් ඒකත් බෑ!

      Delete
  6. නිකං මිස්අන්ස්ටැන්ඩින් තියාගන්න එපා.. පිරිත් දවසේ ගෙනිච්චට අතට දුන්නෙ නෑ නේ. ඉතිං පාපයට කෙලින්ම වගකියල නැති නිසා පවක් වෙන එකක් නැහැ. අනික ප්‍රේම් ඒක දැකල තියෙන්නෙත් දැං නිසා චේතනාවකින් තොරවම ප්‍රේම්ට පවක් වෙලත් නෑ.. මං මේ අවංකවමයි කිව්වේ විහිලුවට කිව්ව කියල නං හිතන්න එපා.. හැක්

    ReplyDelete
    Replies
    1. මොන පවක්ද වයින් ටිකක් බිව්වාට!

      Delete
    2. මේ ලමයින්ට දෙයක් තේරුං කරල වැඩක් නෑ. හැක්

      Delete
  7. බොන්නෙත් නැතිනම් පවක් නැත. අනෙක වයින් බීල ගහගන්න ගෙවල්වල පිඟන‍් කෝප්ප පොලවෙ ගහල තියනව කියල ආරංචියක් නෑ නේද?

    "මචං එදා මම වයින් එකකුත් ගෙනාව, රැක් එකෙන් තිව්ව" කියන්න මේකත් හොඳ ක්‍රමයක්! හෙහ් හෙහ් හෙහ්.....

    ReplyDelete
    Replies
    1. අන්න හැලපේත් ඔය වගේම දෙයක් කරලා!

      Delete
  8. එකතු කරනව කියන්නෙ තන්හාව , ඒ ගොඩට තවත් එකතු කරනව කියන්නෙ රසික ප්‍රේම්ට කරන අකටයුත්තක් ,ඒක පවක් ඕක තියාගෙන ඉදල අපි වගේ එවලෙම ගුඩුස් ගාල ගහල දාන එකෙකුට දුන්නනම් පිනක්. දැන් මොනා කරන්නද ?

    ReplyDelete
    Replies
    1. අයිස් වයින් කියන්නේ එහෙම ගුඩුස් කියලා ගහලා දාන එකක් නොවෙයි!

      Delete
  9. එයා ඒක බොන්නේ නෑ - ඒ නිසා පව් නෑ.

    පවකට වඩා ඔතන නෝනා කියන්න ඇත්තේ තැනට නොගැලපෙන එක ගැන වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. නෝනලා ගේ සිත දන්නේ නෝනලා ම තමයි!

      Delete
  10. දැං ඉතිං ඒ වයින් බෝතලෙත් අවුරුදු ගානක් රැක් එකේ දුක් විඳිනව නේද? ඒකනං පවක් තමයි.

    ReplyDelete
    Replies
    1. මං 2002 අප්‍රියෙල්වල ගෙනිච්ච Vat 69 එකක් තාමත් ඒ රාක්කේ තියෙනවා!

      Delete
    2. 2002 May සිට මෙතෙක් කල්, Vat 69 එකත් සමග තවත් බොතලයක් බීමට ඔෆ්ෆෙර් කලාම, කිසිම කෙනෙක් Vat 69 අල්ලන්නෙවත් නැහ - යන විදියට ලන්ගදිම තීරනයක් ගන්න වෙනව - Vat 69 ගෙනාපු මිතුරට දෙනවද නෑතිනම් බින් එකට දානවද?

      Delete
    3. ගෙනාපු එකාටම දීලා දාන්න. දැන් ඒ 2002 බෝතලේ ගෝල්ඩ් ලේබල් වගේ වටිනවා!

      Delete
  11. සුරා විකිනීමේ ව්‍යාපාරයක් කරනවානම් හෝ සුරා පානය කරනවා නම් හැර ත්‍යාගයක් වශයෙන් බොන හෝ නොබොන කෙනෙකුට වෙසක් දිනයක හෝ බෝතලයක් දීම පවක් යැයි කියැවෙන්නේ කොහේද? තවද බුද්ධ සමයට පෙර සිට දැනට ඇති පන්සිල් සහ දසසිල්ද පවක් සිදුවනවා යැයි සිතා රැකීමේ පලක් නැති බව මම විශ්වාශ කරමි.

    ReplyDelete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. මේ කතාවත් මට ලඟදි කරන්නට වුන වැඩකුත් අතර පුදුම සමානකමක් තියෙන බව සිහිවුනා.කතාව මෙහෙමයි.
    ලඟදි ආපු හාමුදුරු කෙනෙකුට මගෙ මිත්‍රයෙකුගේ ගෙදර දවල් දානය ලැස්ති කර තිබුනා.දානෙට එන්න කියා මිත්‍රයා මටත් ආරාධනා කළා.දානෙ ගෙදර යද්දී අරගෙන යන්නට දෙයක් කල්පනා කලත් ගෙනියන්නට තියෙන හැමදේම යාළුවා ළඟ ඕනෑතරම් තියෙන නිසා මම නැපෝලියන් බ්‍රැන්ඩි බෝතලයක් රැගෙන ගියා.ගෙනිහින් කාටවත් දුන්නෙ නෑ කුස්සියෙන් තිබ්බා.යාළුවා වැඩේ පැටලුම් ඇරගත්තේ සතියකට දෙකකට පස්සෙයි.

    ReplyDelete
    Replies
    1. එතකල් යාලුවට නෝනගෙන් හොඳට හම්බවෙන්න ඇති දානෙ.

      Delete
    2. Praසන්ன කසාද බැඳලා නෑ වගෙයි!

      Delete
    3. හැලපේ, ෂැහ් ඒ බ්‍රැන්ඩි වගේ ද මේ වැන්කුවර් අයිස් වයින්?

      Delete
    4. ඒ කියන්නෙ පැටලුං ඇරගන්න ඉස්සෙල්ල එහෙනං දෙන්නත් එක්කම බෝතලේට වගකියල හිස් බෝතලේ විතරයි තිබුණෙ කියන එකද.

      Delete
  14. තමා කරන්නේ පවක් යයි දැන කිරීම පව වැඩි වීමට හේතුවේ. තවත් පැහැදිලි කලොත් ඔබ බුදුන් වදිනවිට කියන ගාථා වල තේරුම දැන වදීනවානම් පිං වැඩි වෙයි,රේරුකානේ හාමුදුරුවන්ගේ පොත් online ෆ්‍රී dawn load කරන්ඩ පුළුවන්,කියවල බලන්ඩ . ඒවා සාහිත්‍ය නෙවි පිරිසිදු බුදු බණ.
    සිංහල බ්ලොග්ගල

    ReplyDelete
    Replies
    1. තව ටිකක් නාකි වුණාම කියවන්නම්. දැන් ඕවා කියවලා බැරි2වලාවක් රහත් වුනොත් බ්ලොග් එක ලියන්නේ කවුද?

      Delete
  15. පිරිත් කියන වෙලාවෙ නූලත් එක්ක ඕකත් තිබ්බනං ඕක පිරිත් පැන් වෙනව. එතකොට අවුලක් නෑ.

    ReplyDelete
    Replies
    1. දවසේ කියමන නොවෙයි වසරේ කියමන!

      Delete
  16. මේකේ කනපිට පැනය
    දානේකට කුකුලෙක් මැරුවම පව් අඩුද

    ReplyDelete
    Replies
    1. අන්න ප්‍රශ්න.:D
      ++++

      Delete
    2. හරකෙක් මරණ එකට වැඩිය කුකුල්ලු සීයක් මරණ එක පව් අඩුයි!

      Delete
    3. හාල් මැස්සෝ පන්සීයක් කෑවොත් ඊටත් අඩුයි

      Delete
    4. කූණිස්සො 1000 ක් විතර කෑවම ඊටත් අඩුයි.
      පවු බේස්ඩ් ඔන් ද සයිස් ඔෆ් ඇනිමල්.

      Delete
  17. මට තියෙන ප්‍රශ්ණේ ඕක නෙමෙයි...
    දැන් ඔහේ පිරිත් කියන්නේ ඉන්ගිරිසියෙන්ද...?
    මොකෝ ආටානාටිය ඉන්ගිරිසියෙන් නොකියා,
    ඉන්ගිරිසි යක්කුන්ට තේරේන්නේ නෑ නේද ....?

    ReplyDelete
    Replies
    1. යක්කුන්ට ඉන්ස්ටන්ට් ට්‍රාන්ස්ලේටර් ෆැසිලිටි එකක් තියෙනවා. නිතරම හෙඩ් ෆෝන් දාගෙන තමයි පිරිත් අහන්නේ!

      Delete
    2. හෙඩ් ෆෝන් දාගෙන පිරිත් අහන යක්කු මැවිල පේනවා හික්ස්

      Delete
    3. මාතලන් ඔය ප්‍රශ්නේ පැන නැගුනේ 1990/91 වසරවල ඔසිවල ඉංගිරිසියෙන් බණ කියන්න ගිහිල්ලා. මාර ආතල් ඔයි මුන් ජාතක කතා කඩුවෙන් දෙසනකොට පච කොමල වෙනවා.

      ඉන්ස්ටන්ට් ට්‍රාන්ස්ලේටර් ෆැසිලිටි ඒකාලේ නෑනේ අන්තිමට පන්සල දෙකඩ වෙනවා නොතේරෙන සෙට් එක තව පන්සලක් එකක් හදාගෙන යනවා

      Delete
  18. මේ වන විට කිසිම ආගමක් විස්වාස නොකරන මට මෙය පවක් පිනක් ද යැයි සිතෙන්නෙ නැත - හැබැයි ඔබේ පරමාර්ථය මිතුරාගේ සිත සතුටු කිරීම නිසාත් මිතුරා මත් නොබොන වයින් බෝතල්වල අලංකාරත්වය පමණක් දකින අයෙතුත් නිසා ඔබේ ආගම (ඔබ බෞද්ධයෙක් යැයි සිතමි) පිළිබඳ ම‍ගේ සීමිත දැනුම අනුවත් මෙය පවක් වෙන්න බෑ

    ReplyDelete
    Replies
    1. හැබැයි, හවස ගෙදර ගිය පසු අයිස් වයින් බෝතලය දැකපු ප්‍රේම් කෝල් එකක් දී තෑන්ක් කළා විතරයි, පින් සිදුවේවා කියලා නම් කිව්වේ නෑ!

      Delete
  19. කවුද අප්පේ වයින් වලට පව් කියන්නේ ජේසුතුමාගේ පලමු ප්‍රාතිහාර්යත් වයින්..කතෝලික පල්ලියෙ පූජාව මැදත් වයින් බොනවා

    ReplyDelete
  20. හාමුදුරුවෝ දැක්කනම් හොඳවයින් එකක් කියයි.

    ReplyDelete
    Replies
    1. අපි ගියේ පිටිපස්සේ දොරෙන්!

      Delete
  21. //ප/ප/ලි:
    මේ දැන් ආරංචි වුණු පරිදි අපේ මිත්‍රයා මේ අයිස් වයින් බෝතලය ගැන දැන ගෙන ඇත්තේ මේ බ්ලොග් ලිපිය කියවීමෙනි.//

    වයින් බෝතලය ගැන පෝස්ට් දැමීමෙන් ලොකුම පවක් සිද්ධවී ඇත. :P

    ReplyDelete
    Replies
    1. ඔන්න පොඩි කුමාරිටත් ඒ පව අනුමෝදන් වුනා!

      Delete
  22. බෝතලය රක්කයක දුක් විදින්නට සැලස්විමෙනුයි ලොකුම පව

    ReplyDelete
    Replies
    1. පුරුවේ පව්!
      හැමෝම මේ කතාවට එකඟයි.

      Delete
  23. මටත් හිතෙන්නේ ලොකුම පව වන්නේ වයින් නොබී බෝතල් වල දමාගෙන හැඩ බල බලා සිටීමය.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.